ක්‍රිස්තියානි සම්මන්ත්‍රන මධ්‍යස්ථානයක උදෑසන ආහාර වේලාවේ මම බලා සිටියදීම කාන්තාවන් පිරිසක් කෑම ශාලාවට ඇතුළු වූහ. මට පිටුපසින් සිටි කාන්තාවකට ආයුබෝවන් කියමින් මම සිනාසුණෙමි. මගේ සුබපැතුම් ආපසු ලබා දෙමින් ඇය, “මම ඔබව දන්නවා” යි කියා මට පැවසුවාය. අපේ පිඟන් වලට “ස්ක්‍රැම්බල්ඩ් එග්ස්” (කිරි හා වෙඬරු මිශ්‍ර බිත්තර කෑමක්) බෙදාගෙන, අප දෙදෙනා මීට ප්‍රථමයෙන් හමුවූයේ කොතනදැයි මතක් කිරීමට උත්සාහ කළා. නමුත් මම හොඳටම දැනගෙන සිටියා ඇය මා ගැන නොව, වෙන කෙනෙකු ගැනයි කථා කරන්නේ කියා.

නැවත අපි දහවල් ආහාරයට පැමිණි අවස්ථාවේදී, එම කාන්තාව මා වෙතට පැමිණ “ඔබ සුදු පාට කාර් රථයක් පදවනවාද?” කියා මගෙන් ඇසුවා.

මම පුදුම වී දෙවුර සෙළෙව්වා. “මම කලින් ඔබ සුදු පාට කාර් රථයක් පැදෙව්වා. වසර කීපයකට කලින්” කියා මම ඇයට පිළිතුරු දුන්නා.

ඇය සිනාසුණා. “අපි දිනපතාම ප්‍රාථමික පාසල අසළ තිබූ විදුලි සංඥාව ළඟ නැවැත්තුවා,” යි ඇය පැවසීය. “ඔබ නිතරම අත් ඔසවමින්, ප්‍රීතියෙන් ගායනා කළා. මම හිතුවා ඔබ දෙවියන්වහන්සේට නමස්කාර කරමින් සිටියා කියා. මට එවිට ඔබ සමඟ සම්බන්ධවීමට ආශාවක් ඇතිවුණා, අමාරු දවස්වලදී පවා.”

දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, අප දෙදෙනා එකට යාච්ඤා කළා, වැළඳගත්තා, ඉන්පසු අපගේ ආහාර ප්‍රීතියෙන් අනුභව කළා.

අනිත් අය අපව නොදකී කියා සිතුවත්, යේසුස්වහන්සේගේ අනුගාමිකයන් හැසිරෙන ආකාරය අනිත් අය දකින බව මගේ අලුත් මිතුරිය ස්ථිර කළාය. අපි ප්‍රීතියෙන් නමස්කාර කරන ජීවන රටාවකට ඇතුළු වීමේදී, අපගේ මැවුම්කරුවාණන් ඉදිරියට ඕනෑම වෙලාවකට හෝ ඕනෑම ස්ථානයකදී පැමිණිය හැක. දෙවියන්වහන්සේගේ අධික ප්‍රේමය හා විශ්වාසවන්තකම පිළිගැනීමෙන්, උන්වහන්සේ සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් ඇතිකර ගෙන ඒ තුළ ප්‍රීතිවෙමින් සෑම මොහොතකම උන්වහන්සේගේ අඛණ්ඩ සැළකිලිමත්කම ගැන ස්තුති කරන්න අපට හැකිවෙනවා (ගීතාවලිය 100). අපගේ වාහනය තුළ ස්වාමින්වහන්සේට ගායනයෙන් ප්‍රශංසා කිරීම, පොදු ස්ථානවල යාච්ඤා කිරීම හෝ යහපත් ක්‍රියා තුළින් ස්වාමින්වහන්සේගේ ප්‍රේමය බෙදාගැනීමෙන් අනිත් අය තුළත් “දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට” පෙළඹවීමක් ඇතිකරන්නට අපට හැකිවෙනවා (4 පදය). දෙවියන්වහන්සේට කරන නමස්කාරය, ඉරුදින උදෑසන කරන ක්‍රියාවට වඩා වැඩි දෙයකි.