වයස අවුරුදු තුනක් වූ ඩිලන් මැක්කෝයි පීනන්න ඉගෙනගත්තා විතරමයි. තමාගේ සීයාගේ නිවසේ පිටුපස මිදුලේ තිබුණු අඩි හතලිහක් ගැඹුරු, ගලින් සාදා තිබූ දිරච්ච ප්ලයිවුඞ් ලෑල්ලකින් වසා තිබූ ළිඳට වැටුණේය. තමාගේ පියා පහලට බැස තමාව බේරාගන්නා තුරු අඩි දහයක් ගැඹුරු වතුරේ මතුපිට පාවෙමින් සිටින්නට ඩිලන්ට පුළුවන් විය. දරුවාව බේරාගැනීමට ගිනි නිවන හමුදාව කඹ ගෙනා නමුත්, ඊට ප්‍රථමයෙන් තමාගේ දරුවාගේ සුරක්ෂිතභාවය ගැන බොහෝ සෙයින් බියවී සිටි පියා, වඩාත් ලිස්සන සුළු ගල්වලින් ළිඳ පහලට බැස තිබුණේය.

අහෝ, දෙමව්පියෙකුගේ ප්‍රේමය! අහෝ, අපේ දරුවන් වෙනුවෙන් දිග හා ගැඹුර නොබලා අපි කොපමණ ගමනක් යයිද!

තමා අවට වැරදි ඉගැන්වීම් වලින් පිරුණු කාලයකදී තමන්ගේ ඇදහිල්ල සඳහා අඩිතාලමක් සොයාගැනීමේ අරගලයකට මුහුණ දුන් අවස්ථාවක ශු යොහන් තුමා විසින් මුල් සභාවේ ඇදහිලිවතුන්ට ලිපියක් ලියන ලදී. එතුමා ජීවිත ආරක්‍ෂා කරන්නෙකුසේ මෙම ලිපිය ලියයි : “අපි දෙවියන්වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාල සේක්දැයි බලාපල්ලා! අපි එබඳුවෝමය!” (1 යොහන් 3:1).

යේසුස්වහන්සේ තුළ රැඳෙන ඇදහිලිවතුන්ට දෙවියන්වහන්සේගේ “දරුවන්” යනුවෙන් නම්කිරීම, උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියලු දෙනාටම සමීපත්‍වයක් සහ නිත්‍යානුකූල වලංගුබවක් ගෙනදෙන්නේය.

අහෝ, දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේගේ දරුවන් වෙනුවෙන් දිග හා ගැඹුර නොබලා කොපමණ ගමනක් යන්නේද!

දෙමව්පියන්, තමන්ගේම දරුවන්ට පමණක් කරන ක්‍රියාවන් තිබෙනවා – ඩිලන්ගේ පියා විසින් තමාගේ දරුවාව බේරාගැනීම පිණිස ළිඳකට බැස ගිය ආකාරය. ඒවගේම ස්වර්ගීය පියාණන් විසින් අපව උන්වහන්සේ ළඟට එක්රැස් කරමින් උන්වහන්සේ සමඟ අපව නැවත ජීවනයට ගෙනෙන පිණිස තමන්වහන්සේගේ එකම පුත්‍රයාව අප වෙනුවෙන් පූජා කළ උපරිම ක්‍රියාව (5-6 පද).