ඇමෙරිකා එක්සත් ජනපදයේ හමුදාව විසින් දවසේ අවසානයේදී හා අවමඟුල් උත්සවවලදී වාදනය කරන හොරණෑ ශබ්දයට “ටැප්ස්” යනුවෙන් හඳුන්වනු ලබනවා. නිල නොවූ කාව්‍ය (වචන) කියවන අවස්ථාවේදී එහි තිබූ සෑම වගන්තියක්ම අවසන් වුණේ “දෙවියන්වහන්සේ ළඟයි” කියන පදයෙන් බව දැකීමෙන් මම පුදුමයට පත්වුනෙමි. දිනපතා රාත්‍රියේදී කළුවර වැටෙන්නට ප්‍රථමයෙන් හෝ ප්‍රේමවන්තයකුගේ මරණය ගැන දුක් වෙන අවස්ථාවේදී, මෙම වචන තුළින් සොල්දාදුවන්ට දෙවියන්වහන්සේ ළඟ බව ඉතා අනර්ඝ පොරොන්දුවක් දෙනවා.

පරණ ගිවිසුමේ හොරණෑ පිඹීම තුළින් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළේ දෙවියන්වහන්සේ ළඟ බවයි.
දෙවියන්වහන්සේ හා ඊශ්‍රායෙල් දේශය අතර ගිවිසුමේ ප්‍රීති උත්සව වලදී හා මංගල්‍ය උත්සව වලදී යුදෙව්වන් විසින් “හොරණෑ පිඹීම”(ගණන් කථාව 10:10) කළ යුතුව තිබුණි. හොරණෑ පිඹීම, දෙවියන්වහන්සේගේ ළඟ බව පමණක් නොව අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී උන්වහන්සේ ඔවුන්ට උපකාර කරන්නට සූදානමින් සිටින බවටද මතක් කිරීමක් වූවා. උන්වහන්සේ ඔවුන්ට උපකාර කිරීමට බලාගෙන සිටි සේක.

අද දවසේදීත්, දෙවියන්වහන්සේ ළඟ සිටින බවට මතක් කිරීම් අපට අවශ්‍ය වනවා. එසේම අප නමස්කාර කරන්නාවූ ක්‍රමය අනුව, යාච්ඤාව සහ ගීතිකා ගායනා කිරීමෙන් අපටද දෙවියන්වහන්සේව අමතන්න පුළුවන් වනු ඇත. අප විසින් කරන යාච්ඤාවන් දෙවියන්වහන්සේට අපට උපකාර කරන්නැයි කියා හොරණෑ පිඹීමක් ලෙස සිතාගත හැකිය. එහි තිබෙන අලංකාර දිරිගැන්වීම නම් දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවන් නිතරම අසන බවයි (1 පේතෘස් 3:12). අප ජීවිතයේ අත්දකින අමාරුකම් හා දුක්කරදර වලද, අප කරන සෑම කන්නලව්වකදීම ශක්තිය හා සහනය ලබා දෙන උන්වහන්සේ අප සමඟ සිටින බවට සහතික කරන සේක.