“සමහර වෙලාවේදී මට හැඟෙනවා මම අදෘශ්‍යමානයි කියා. නමුත් මා තුළ දැඩි ආශාවක් තිබෙනවා දෙවියන්වහන්සේ මාව පාවිච්චි කරයි කියා.”

මා හෝටලයකට ගිය අවස්ථාවකදී, ඈන් නමින් හඳුණන කාන්තාවක් මට හමුවුණා. ඇය ඒ අවස්ථාවේදී ව්‍යායාම සඳහා පාවිච්චි කරන කාමරයක් පිරිසිදු කරමින් සිටියා. මම ඇය සමඟ කතාබස් කළා. අපි කතාකරමින් සිටියදී ඇගේ කතාව ඉතා අනර්ඝයි කියා මට අවබෝධ වුණා.

“මම ක්‍රැක් නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී වීදියේ ජීවත් වුණු ගණිකාවක්” ඈ කීවාය.
“නමුත් මම දැනගෙන සිටියා දෙවියන්වහන්සේට මගේ දුම් පයිප්පය ඉවත් කර උන්වහන්සේ සමඟ ගමන් කරන්නට අවශ්‍ය ව තිබුණු බව. අවුරුදු ගණනාවකට පෙර දිනක මම යේසුස්වහන්සේගේ පාද ළඟ දණ ගැසුවා. එවිට උන්වහන්සේ මාව නිදහස් කළා.”

තමන් වෙනුවෙන් දෙවියන්වහන්සේ කළ දේ මා සමඟ බෙදාගත් නිසා මා ඈන් ට ස්තුති කරමින් ඈය අදෘෂ්‍යමාන නොවන බව සහතික වුනා. මම ඈන් සමඟ කතාබහ කිරීම තුළින් දෙවියන්වහන්සේට ජීවිත වෙනස් කිරීමේ බලය තිබෙන බව ඉතා අනර්ඝ ලෙස මට මතක් කරදෙන්නට උන්වහන්සේ ඇයව පාවිච්චි කළ සේක.

මිනිසුන් විසින් ගණන් ගන්නේ නැති අයව පාවිච්චි කරන්න දෙවියන්වහන්සේ ඉතාම කැමැත්තෙන් සිටින සේක. අපොස්තුළු අන්දෘ පේතෘස් මෙන් හොඳින් දන්නා කෙනෙකු නොවෙයි . නමුත් ශුද්ධවූ බයිබලය කියනවා “අන්දෘතුමා කළ පළමුවැනි ක්‍රියාව තමාගේ සහෝදර සීමොන් (පේතෘස්) හමුවී ඔහුට කියනවා, “අපිට මෙසියස්තුමාව හමුවුනා” කියමින් ඔහු සීමොන් ව යේසුස්වහන්සේ වෙතට ගෙනාවා” (යොහන් 1:41-42).

පේතෘස්ට යේසුස්වහන්සේව මුණ ගැසුණේ අන්දෘතුමා කරණකොටගෙනය. යොහන් බව්තිස්ත තුමාගේ ගෝලයෙක් වූ අන්දෘතුමා යොහන්තුමාගෙන් යේසුස්වහන්සේ ගැන දැනගත් පසු, ඔහු යේසුස්වහන්සේව අනුගමනය කර, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළා – එකෙණෙහිම ඔහුගේ සහෝදරයාට ඒ ගැන පැවසුවා. අන්දෘතුමා තුළින් මුළු ලෝකයම සොලවන්නට පුළුවන් බලපෑමක් ඇති කළා.

ප්‍රසිද්ධත්වයට වඩා දෙවියන්වහන්සේට විශ්වාසවන්තකම ඉතා වටිනවා. අපි කොතැන සිටියත් උන්වහන්සේට අපව බලවත් ලෙස පාවිච්චි කරන්න හැකිය. කවුරුත් නොදකින අවස්ථාවකදී පවා උන්වහන්සේට එසේ කළ හැකිය.