රෙබෙකාගේ සහෝදරයා හා නෑණා අතර විවාහ ජීවිතයේ ප්‍රශ්න මතු වෙන්න පටන් ගනිද්දී, ඔවුන් අතර නැවත සමගිය ඇතිවෙයි කියා රෙබෙකා ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. නමුත් ඔවුන් දික්කසාද වුනා. ඉන් පසුව ඇගේ නෑණා දරුවන්ව එම ප්‍රාන්තයෙන් පිටතට ගෙනගියා. නමුත් ඔවුන්ගේ පියා ඊට විරුද්ධ වූයේ නැත. ඈය බෙහෙවින් ආදරය කළ ඇගේ සහෝදරයාගේ දියණියන්ව රෙබෙකා ආපසු දැක්කේ නැත. වසර ගණනාවකට පසුව ඇය කියා සිටියේ, “මෙම දුක්බර සිද්ධිය මගේම ශක්තියෙන් පාලනය කරන්නට උත්සාහ කළ නිසා මගේ හදවතේ තිත්තකමක් ඇතිවෙන්නට පටන්ගත්තා. මෙය මගේ පවුලේ අයටත් මිතුරන් අතරටත් පැතිරෙන්නට පටන්ගත්තා.”

නයෝමි නමැති කාන්තාවක් ගැන රූත්ගේ පොතේ සටහන් වී තිබෙනවා. ඇය හදවතේ තිබුණු වේදනාවක් සමඟ පොරබදිමින් සිටියා. මෙම දුක තිත්තකමකට වර්ධනය වුනා. ඇගේ ස්වාමිපුරුෂයා වෙනත් රටක මිය ගියා. අවුරුදු දහයකට පසුව ඇගේ පුතුන් දෙදෙනාත් මිය ගියා. මේ නිසා ඇගේ ලේලිලා දෙදෙනා වන රූත් සහ ඔර්පා සමඟ ඇය අසරණ වූවා (1:3-5). නයෝමි සහ රූත්, නයෝමිගේ උපන් රටට පැමිණි විටදී මුළු නගරයම ඔවුන්ව දැකගැනීමට සතුටු වුණේය. නමුත් නයෝමි තමාගේ මිතුරියන්ට මෙසේ පැවසුවාය: “සර්වපරාක්‍රමයාණන්වහන්සේ මා අධික තිත්තකමකට පැමිණෙවු සේක …….. සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පැමිණෙවූ සේක” (20-21 පද). ඇයට “මාරා”, එනම් තිත්තකම යන නමින් කතාකරන්නට යැයි ඇය තව දුරටත් ඔවුන්ට කීවාය.

බලාපොරොත්තු බිඳවැටුනු තත්ත්‍වයකට මුහුණ දෙමින් එය තිත්තකමට පරිවර්තනය වීමේ පරික්‍ෂාවට මුහුණ නොදුනු කෙනෙකු සිටිනවාද? යම් කෙනෙකු විසින් සිත කැඩෙන වචනයක් කිව්වාද, බලාපොරොත්තුවෙන් සිටි යමක් නොලැබුණා හෝ අනෙකුත් අයගෙන් වැඩි බලපෑම් ඇතිවීම අපට නුරුස්සන්නේ නැත. අපගේ හදවතේ ගැඹුරින්ම සිදුවන දේ අප හා දෙවියන්වහන්සේත් පිළිගත් විට, අප තුළ තිබෙන තිත්තකමේ මුල්, අපගේ කාරුණිකවූ දෙවිපියාණන්වහන්සේට උදුරා ඉවත් කළ හැක. ඒවා කුඩා වූවත්, අවුරුදු ගණනාවක් වර්ධනය වෙමින් තිබුණත් ඒවා වෙනුවට ඉතා අලංකාර හා ඉතා ප්‍රීතිමත් ආත්මයකින් අපව පුරවන්නට දෙවිපියාණන්වහන්සේට හැකි වනු ඇත.