නිවාඩු කාලයේ මගේ නිවසේ කෑම වේලකට පසුව හැමෝම තෑගි මලු විවෘත කළා. මෙම මලුවල තිබුණේ ටොපි, කුඩා සෙල්ලම් බඩු සහ කුඩා කඩදාසි කැබලි. නමුත් මෙම බඩු මලුවල තව දෙයක් තිබුණා – එය තමයි අපි හැමෝටම කඩදාසි ඔටුන්නක් තිබුණා. ඉවසිල්ලක් නැතිව අපි ඒවා පැළඳගෙන මේසය වටේ වාඩිවී සිටියදී එකිනෙකා සමඟ සිනාසුනා. අපේ කෑම කන කාමරය වටේ අපේ ඉතුරු වූ කෑම කසළ තිබුණත්, මොහොතකට අපි රජවරුන් සහ රැජිනියන් වී සිටියා.

මේ මොහොතේ නිතරම කල්පනා නොකරන බයිබලයේ පොරොන්දුවක් මගේ මතකයට නැඟුණා. ඊළඟ ජීවිතයේ, හැම ඇදහිලිවන්තයෙක්ම යේසුස්වහන්සේ සමඟ පාලනය කිරීමේ අධිකාරි බලය බෙදාගනියි. පාවුල්තුමා විසින් මේ ගැන 1 කොරින්ති 6 මෙසේ අසනවා,“ශුද්ධවන්තයන් ලෝකයා විනිශ්චය කරන බව නොදනිවුද?” (2 පදය). පාවුල්තුමා මෙම අනාගත වරප්‍රසාදය ගැන කතා කළේ ඇදහිලිවතුන්ට තම තමන් අතර තිබූ ආරවුල් මෙලොවේදී සාමකාමිව විසඳාගැනීම සඳහා පෙළඹවීමක් දෙන්නට ඔහුට අවශ්‍ය වී තිබුණා. මෙම ඇදහිලිවතුන් තම තමන් අතර තිබූ ආරවුල් විසඳාගැනීමට පිණිස නීතිමය පියවර ගත්තා. ඒ හේතුවෙන් තමන්ගේ කිතුණු සමාජයේ සිටි අනෙක් ඇදහිලිවතුන්ගේ කීර්තිනාමයට හිංසා කළා.

ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ ආත්ම දමනය, කරුණාවන්තකම සහ ඉවසීම වර්ධනය කිරීම හේතුවෙන් ආරවුල් විසඳීමේ හැකියාව අප තුළ වර්ධනය කරයි. යේසුස්වහන්සේ නැවත පැමිණ අපගේ ජීවිතයේ ආත්මයාණන්වහන්සේගේ මෙහෙය අවසන් කරන විට (1 යොහන් 3:2-3) අපගේ දෙවියන්වහන්සේට “සේවය කිරීමට හා ….. පොළොවෙහි රජකම් කිරීමට රාජ්‍යයක් හා පූජකයන්” වශයෙන් අපගේ අවසාන භූමිකාවට අපි සූදානම්ව සිටිමු (එළිදරව් 5:10). රන් ඔටුන්නක තිබෙන දියමන්තියක් මෙන් දේව වචනයේ දිලිසෙන මෙම පොරොන්දුව අපි අල්ලාගෙන සිටිමු.