ඩේවිඩ් තමුන්ගේ අතින් සිදුවූ වැරැද්දකට දඬුවමක් වශයෙන් ඔහුගේ සත්වන උපන්දින දවසේදී මුල් වතාවට තමාගේ පියාගෙන් පහරක් ලැබුවේය. මෙය සිදුවුනේ ඔහුගේ අතින් වැරදීමකින් ජනේලයක වීදුරුවක් කැඩූ නිසාය. “ඔහු මට අතින් සහ පයින් ගැසුවා,” ඩේවිඩ් කීවේය. “පසුව ඔහු මගෙන් සමාව ඉල්ලුවා. ඔහු මද්‍යසාරය බීමෙන් පසුව ප්‍රචණ්ඩකාරී තත්ත්‍වයට පත් වෙන කෙනෙක්. මා විසින් මෙම නපුරු චක්‍රය නතර කිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.

නමුත් ඩේවිඩ්ට මේ තත්ත්‍වයට එළඹීමට බොහෝ කාලයක් ගත විය. ඔහුගේ යෞවන කාලය හා විසිගණන්වල, වැඩි කාලයක් ගත කළේ සිරගෙවල්වල හෝ පරිවාස කාලය තුළ සහ ඇබ්බැහිවීම් වලට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන තූළය. ඔහුගේ සිහින මුළුමණින්ම බිඳ වැටී ඇති බවක් දැණුනු අවස්ථාවක, ක්‍රිස්තියානි ප්‍රතිකාර මධ්‍යස්ථානයක යේසුස්වහන්සේ සමඟ ඇතිකරගත් සම්බන්ධතාවක් තුළින් ඔහුට බලාපොරොත්තුවක් ලැබිණ.

ඩේවිඩ් මෙසේ පවසයි “මගේ ජීවිතය පිරී තිබුණේ බලාපොරොත්තු සුන්වීම් වලිනි. දැන් මම නිවැරදි දිශාවට ගමන් කරමින් සිටිමි. මම උදේ නැගිටින විට මම දෙවියන්වහන්සේට පවසන පළමු දෙය නම්, මාගේ කැමැත්ත උන්වහන්සේට යටත්කිරීමයි.”

අන් අයගේ වැරදිවලින් හෝ අපේම ක්‍රියාවලින් වේවා, අපි බිඳුණාවූ ජීවිත සමඟ දෙවියන්වහන්සේ වෙතට පැමිණෙන විට, දෙවියන්වහන්සේ අපගේ බිඳුණු හදවත් රැගෙන අපව අලුත් කරයි: “යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටී නම්, නව මැවිල්ල පැමිණ ඇත: පැරණි දේ පහව ගොස් ඇත, අලුත් දේ මෙහි ඇත!” (2 කොරින්ති 5:17). ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය හා ජීවිතය අපගේ කඩා වැටුණු ජීවිතයට ඇතුළුවී අපට නව අනාගතයක් ලබා දෙයි (14-15පද). එය එතැනින් අවසන් නොවේ! අපගේ ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේ සෑම මොහොතකම අප තුළ කර ඇති හා නොකඩවා කරන දේ කෙරෙහි බලාපොරොත්තුව හා ශක්තිය සොයා ගත හැකිය.