එක් සීත කාලයක රාත්‍රියක යම් කෙනෙක් කුඩා යුදෙව් දරුවෙකුගේ නිදන කාමරයේ ජනේලයට විශාල ගලක් විසි කළේය. මෙම ජනේලයේ දාවිත්ගේ තරුවක් එල්ලා තිබුණු අතර ඒ සමඟ “මෙනෝරා” :ඵැබදර්ය* එකක් – යුදෙව්වන්ගේ ශාඛා හතකින් යුත් ඉටිපන්දම් රඳවනයක්ද එල්ලා තිබුණි. එසේ කර තිබුණේ හනුක්කා :්‍ය්බමනන්ය* නමින් යුදෙව්වන්ගේ ආලෝකයේ උත්සවය සමරන පිණිසය. මේ දරුවා ජීවත් වුණේ මොන්ටානා ප්‍රාන්තයේ බිලිංස් නමැති නගරයේ ය. ඒ නගරයේ දහස් ගණන් ජනයා – ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වාමින් වන යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් – එම වෛරී ක්‍රියාවට අනුකම්පාවෙන් ප්‍රතිචාර දැක්වූහ. තම යුදෙව් අසල්වැසියන්ගේ සිත් රිදවීම හා බිය හඳුනාගැනීමට තෝරාගත් ඔවුහු, තමන්ගේ ජනේලවල මෙනෝරා පින්තූර අලවා ගත්තේය.

යේසුස්වහන්සේගේ ඇදිහිලිවන්තයන් වශයෙන්, අපටද ඉතා බලවත් දයානුකම්පාවක් ලැබෙනවා. අපෙගේ ගැළවුම්කරුවාණන්වහන්සේ අප සමඟ ජීවත්වන පිණිස නිහතමානිවූ අතර (යොහන් 1:14), අප හා සමාන වුන සේක. උන්වහන්සේ අප වෙනුවෙන්, “දෙවියන්වහන්සේට සමානව සිටියදී ……. දාසයකුගේ ස්වරූපය ගෙන මනුෂ්‍යයන්ගේ සමානත්‍වයට පැමිණි සේක” (පිලිප්පි 2:6-7). අපට දැනෙන ආකාරයට උන්වහන්සේට දැනෙන අතර, අප වැළපෙන විට උන්වහන්සේත් වැළපෙමින්, සමිඳාණන්වහන්සේ කුරුසියක් මත මියගොස්, අපගේ ජීවිතය බේරාගැනීම සඳහා උන්වහන්සේගේ ජීවිතය පූජා කළ සේක.

අප පොරබදින ඕනෑම දෙයක් තිබෙනවාද, එය අපගේ ගැළවුම්කරුවාණන්ගේ අතින් ගිලිහී යන්නේ නැත. අපේ ජීවිතයට කෙනෙකු විසින් “කළු ගල් ගසනු ලැබුවත්”, උන්වහන්සේ අපව සනසමින් අපට උපකාර කරන සේක. අපේ ජීවිතයේ පසුබැසීම් තිබුණත්, උන්වහන්සේ ඒ බලාපොරොත්තු රහිත අවස්ථාවකදීත් අප සමඟ ගමන් කරන සේක.

“මක්නිසාද ස්වාමීන්වහන්සේ උසස් නුමුත් පහත් අය සලකනසේක. නුමුත් උඩඟු අය දුරදීම දන්නාසේක.” (ගීතාවලිය 138:6). අපගේ කරදරවලදී, සමිඳාණන්වහන්සේ අපව ආරක්‍ෂා කරන සේක. “ඔබ (අපගේ) සතුරන්ගේ උදහසට” (7 පදය) සහ අපගේ ගැඹුරු බිය යන දෙකටම එරෙහිව උන්වහන්සේගේ අත දිගු කරන සේක. දෙවිපියාණෙනි, ඔබවහන්සේගේ කරුණාවේ ප්‍රේමයට ස්තුති වේවා.