“අධිවේගී මාර්ගයේ ගමන් කරන්න එපා!” දිනක් මම වැඩපොළෙන් පිටත්ව එන අවස්ථාවේදී මගේ දුවගෙන් මෙම පණිවිඩය ලැබූණා. ගෙදරට පැමිණෙන අධිවේගී මාර්ගය වාහන නැවැත්වීමේ ස්ථානයක් බවට පත් වී තිබුණා. මම වෙනත් මාර්ගවලින් යන්න උත්සාහ කළ නමුත් එම මාර්ගවලත් වාහන තදබදයක් තිබූ නිසා මම එය අත්හැරියෙමි. නිවස බලා ආපසු යන ගමන තරමක් ප්‍රමාදවන නිසා මම ප්‍රතිවිරුද්ධ මාර්ගයේ ගමන් කර මගේ මිනිබිරිය සහභාගි වෙමින් සිටි මළල ක්‍රීඩා උත්සවය නරඹන්න ගියා.

කිසිම මාර්ගයකින් මට ගෙදර යාමට නොහැකි බව අවබෝධවීමෙන්, සියලු මාර්ග දෙවියන්වහන්සේ සමඟ සදාකාලික සම්බන්ධතාවයකට මඟපාදයි යැයි පවසන අය ගැන මම සිතන්නට පටන්ගත්තා. කරුණාව සහ යහපත් හැසිරීම නමැති මාර්ග හේතුකොටගෙන අපට දෙවියන්වහන්සේ සමඟ සදාකාලික සම්බන්ධතාවයකට මඟපාදන්නට හැකි බව සමහර අය විශ්වාස කරනවා. අනෙකුත් අය ආගමික ක්‍රියා නමැති මාර්ගය තෝරාගනිති.

මෙවැනි මාර්ග මත යැපීමෙන්, මාර්ගයේ අවසානයට පැමිණෙනු ඇත. එනම් ඉන් එහාට යා නොහැකිය. දෙවියන්වහන්සේ වෙතට යෑමට තිබෙන්නේ එකම මාර්ගයක් පමණි. යේසුස්වහන්සේ විසින් මෙය මෙසේ පහදා දී තිබේ, “මාර්ගයද සැබෑවද ජීවනයද මමයග මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6). සමිඳාණන්වහන්සේ එළිදරව් කරමින් සිටියේ පියාණන්වහන්සේගේ ගෘහයට අපට ඇතුල්වීමට මාර්ගය විවෘත කිරීම සඳහා උන්වහන්සේ අප වෙනුවෙන් මැරෙන්නට යන බවය. එනම් උන්වහන්සේ වෙතට පැමිණ සැබෑ ජීවිතය ලබාගැනීම සඳහා උන්වහන්සේ අද දවසට සහ සදාකාලයටත් සපයන බවය.

දෙවියන්වහන්සේ වෙතට නොයන සියලුම අධිවේගී මාර්ගවලින් ඉවත් වෙන්න. ඒ වෙනුවට, ස්වාමින් වන යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස විශ්වාස කරන්න – “පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නාට සදාකාල ජීවනය ඇත” (යොහන් 3:36). එමෙන්ම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කෙරෙහි දැනටමත් විශ්වාස කරන අයට, උන්වහන්සේ ලබා දී ඇති ගැළවීම තුළ ජීවත්වන්න.