“වන්ඩෆුල් විසඩ් ඹෆ් ඔස් ”- (Wonderful Wizard of Oz) – ඔස් හි පුදුමාකාර මායාකරු නම් නාට්‍යයේ චරිත – එනම් ඩොරති, පඹයා, ටින් මෑන් නමින් ටින් ලෝහයෙන් සාදාගත් පිරිමියා සහ බියගුළු සිංහයාත් බටහිර ප්‍රදේශයේ වාසය කළ නපුරු මන්තරකාරියට බලය දුන් කොස්සත් රැගෙන ඔස් නමැති ස්ථානයට පැමිණෙනවා. තමන් ළඟ තිබූ කොස්ස මායාකරුට ලබා දෙනවානම් මේ සතරදෙනාට තමන්ගේ ආශාවන් කුමක් වුණත් ඒවා ලබාදෙනවා යි පොරොන්දුවී සිටියා. ඒවා නම් ඩොරතිව නිවස බලා ගෙන යාම, පඹයාට මොළයක්, ටින් මෑන් ට හදවතකුත්, බියගුළු සිංහයාට ධෛර්යයත් ය. නමුත් මායාකරු ඒවා නොදී මේ සතර දෙනාට පසුදිනයේදී පැමිණෙන්නට යයි කියනවා.

මේ සතර දෙනා මායාකරු සමඟ කන්නලව් කරන අවස්ථාවේදී ඩොරතිගේ බල්ලා වන ටොටෝ මායාකරු කථාකරමින් සිටි තිරය පහළට ඇද දැමුවා. තිරය පිටුපස කථාකරමින් සිටියේ ඇත්තෙන්ම මායාකරුවකු නොවන බවත් ඔහු නෙබ්‍රස්කා ප්‍රදේශයෙන් පැමිණි නිකන්ම නිකන් බියගුළු, නොසන්සුන් බවට පත්වූ කෙනෙක් පමණක් බව මෙයින් හෙළිදරව් වුනා.

කතෘවරයා වන එල්. ෆ්‍රෑන්ක් බෝම් ට, දෙවියන්වහන්සේ සමඟ බැරැරුම් ප්‍රශ්නයක් තිබූණු බවට සටහන් වී තිබෙනවා. එමනිසා ඔහුට අවශ්‍ය වී තිබුණේ අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාගන්නට බලය ඇත්තේ අපට පමණක් යයි කියා පණිවිඩයක් යවන්නටයි.

ඊට හාත්පසින්ම වෙනස්ව, යොහාන් අපොස්තුළුතුමා තිරය පසුපසට ඇද දමන්නේ සැබවින්ම තිරය පිටුපස සිටින පුදුමාකාර තැනැණ්වහන්සේව හෙළි කරන පිණිසය. යොහන්ට කාරණය හොඳින් පහදා දෙන්නට වචන ප්‍රමාණවත් නොවීය: දෙවියන්වහන්සේ සිංහාසනයෙහි වැඩහුණු සේක, සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙණීමක් විය (එළිදරව් 4:2-6). පෘථිවියේ වෙසෙන අපට පීඩා හා කරදර විඳින්නට තිබුණත් දෙවියන්වහන්සේ අපව නොසළකා හරින්නේ නැත (2-3 පරිච්ඡේද). උන්වහන්සේගේ සාමය අපට අත්දැකිය හැකි වන පිණිස උන්වහන්සේ අපගේ යහපත උදෙසා ක්‍රියා කරමින් සිටින සේක.