ඉන්දුනීසියානුවන්ගේ මූලාරම්භය පිළිබඳව ජකර්තා නගරයේ පැවති දේශනයකදී එක් දේශපාලනඥයෙක් කියා සිටියේ ඔහුගේ ඩීඑන්ඒ (DNA)  පරීක්‍ෂණයෙන් පුදුම කරුණක් හෙළි වූ බවයි. ඔහු තුළ සමාරීය රුධිරය ඇතුලත් වී ඇති බවයි. මෙම උරුමය ගැන ඔහු ආඩම්බර වන බවත් ශුද්ධ බයිබලයේ යහපත් සමාරිතයාගේ කථාව ඔහුට කොන්දේසි විරහිත පුණ්‍ය කටයුත්තක් සඳහා උදාහරණයක් වන බවත් පැවසීය.

නමුත් යහපත් සමාරිතයාගේ කථාව පළමුවෙන් ඇසූ යුදෙව්වන් මෙය පිළිනොගනු ඇත. රූප වන්දනාවේ යෙදුණු සමාරිතයන්ව යුදෙව්වන් පහත් කොට සළකනු ලැබීය. එහෙත් අසල්වැසියා කවුරුන්ද යන්න පෙන්වා දුන් ස්වාමින් වන යේසුස්වහන්සේ සමාරිතයා වීරයෙකු බවට පත් කළ සේක (ලූක් 10:30-37). යුදෙව්වෙකුට පහර දුන් විට, ඔහුගේ සෙසු රටවැසියන් දෙදෙනෙක් ඔහු පසුකර යාමට තීරණය කළහ. කෙසේවෙතත්, සමාරීය ජාතිකයෙක් “ඔහුව දැක ඔහුට අනුකම්පා කළා” (33 පදය). ඔහුගේ නිම නොකළ රාජකාරිය සම්පූර්ණ කිරීමට උදෙසා පිටත්ව යාමට පෙර තුවාලවූ පුද්ගලයා හොඳින් රැකබලා ගැනීමට ඔහු වගබලා ගත්තේය. අසල්වැසියෙක් යනු යම් අවශ්‍යතාවක් දැක, එම අවශ්‍යතාවය සපුරාලන්නට ඉදිරිපත් වන තැනැත්තා බව යේසුස්වහන්සේ පැවසූ සේක.

අපගේ කාර්යබහුල සමාජයේ බොහෝ අය කඩිමුඩියේ එහෙ මෙහෙ යන අතර, අසල්වැසි කරුණාව පහසුවෙන් නැති විය හැකිය. සමහරවිට අපට සමාරීය ජානයක් නැති වෙන්නට හැකි නමුත් දෙවියන්වහන්සේට ප්‍රේමකරන ඇදහිලිවන්තයන් වශයෙන්, අපගේ කාලසටහනට බාධා කරමින්, අප අවට සිටින අය දෙස බලා අවශ්‍යතා ඇති අයව රැකබලා ගැනීමට අපි ඉදිරිපත් වෙමු.