දෙවියන්වහන්සේගේ කැඳවීම යයි විශ්වාස කරමින් තමන්ගේ කලා වෘත්තීන් අතහැර යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීමට කැපවූ මිනිසුන් දෙදෙනෙක් සිහිපත් වෙයි. ජේම්ස් ඕ. ෆ්‍රේසර් (1886-1938) චීනයේ විසූ ලීසූ ජනතාවට සේවය කිරීම සඳහා එංගලන්තයේ ප්‍රසංග පියානෝ වාදකයෙකු නොවීමට තීරණය කළ අතර අමෙරිකානු ජඩ්සන් වැන් ද වෙන්ටර් (1855-1939) කලා වෘත්තියක් කරගෙන යාම වෙනුවට එවැන්ජලිස්තවරයෙකු වීමට තීරණය කළේය. පසුව ඔහු “යටත් කරම් මම්”
(I Surrender All –මම සියල්ල යටත් කරමි) යන ගීතය ලිවීය.

කලාව වෘත්තියක් කරගැනීම බොහෝ දෙනාගේ පරිපූර්ණ කැඳවීම වන අතර, මෙම මිනිසුන් විශ්වාස කළේ එක් වෘත්තියක් තවත් වෘත්තියක් වෙනුවෙන් අත්හරින ලෙස දෙවියන්වහන්සේ ඔවුන්ව කැඳවූ බවයි. සමහර විට යේසුස්වහන්සේ ධනවත් තරුණ පාලකයාට උන්වහන්සේව අනුගමනය කිරීම සඳහා තම දේපළ අත්හරින ලෙස උපදෙස් දීම තුළින් ඔහුට ආනුභාවයක් ලැබුණා විය හැකිය (මාර්ක් 10:17-25). ඒ වචන හුවමාරුව දුටු පේතෘස්, “අපි ඔබ පසුපස යෑමට සියල්ල අත්හැරියෙමු” (28 පදය). තමාව අනුගමනය කරන්නන්ට දෙවියන්වහන්සේ “මේ යුගයේ මෙන් සිය ගුණයක්” සහ සදාකාල ජීවනය ලබා දෙන බවට යේසුස්වහන්සේ ඔහුට සහතික විය (30 පදය). නමුත් සමිඳාණන්වහන්සේ සිය ප්‍රඥාව අනුව දෙනු ඇත: “නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද, අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය” (31 පදය).

දෙවියන්වහන්සේ අපව කොතැන තැබුවද, අපගේ ජීවිත දිනපතාම ක්‍රිස්තුස්වහන්සේට යටත් කරන ලෙස ඉල්ලා සිටින සේක. ස්වාමින්වහන්සේව අනුගමනය කිරීමට සහ අපගේ හැකියාවන් හා සම්පත් තුළින් උන්වහන්සේට සේවය කිරීමට ස්වාමින්වහන්සේගේ මෘදු ආරාධනයට කීකරු වෙමින් – නිවසේ, කාර්යාලයේ, ප්‍රජාවේ හෝ නිවසින් දුරස්ථව වේවා, අපි කීකරුව සේවය කළ යුතුයි. අපි එසේ සේවයේ යෙදෙන විට, අන් අයට ප්‍රේම කිරීමටත් ඔවුන්ගේ අවශ්‍යතා අපගේ අවශ්‍යතා වලට ප්‍රථමයෙන් සළකන්නටත් ස්වාමින්වහන්සේ අපව පොළඹවනු ඇත.