උතුරු ඝානාවේ කුඩා බයිබල් විද්‍යාලයට සිත් ඇදගන්නා සුළු පෙනුමක් නොතිබුණි – ටින් වහල සහිත ගිනියම්වූ ගල් අඟුරු (හෝ දැව අඟුරු) බ්ලොක් ගොඩනැගිල්ලක් සහ සිසුන් අතළොස්සක් පමණි. එහෙත් බොබ් හේස් ඔහුගේ ජීවිතය එම සිසුන් උදෙසා වැය කළේය. ඔහු ඔවුන්ට නායකත්ව භූමිකාවන් ලබා දුන් අතර ඉඳහිට, අකමැති වුවද, දේශනා කිරීමට හා ඉගැන්වීමට ඔවුන්ව දිරිමත් කළේය. බොබ් මීට වසර ගණනාවකට පෙර අභාවප්‍රාප්ත වූ නමුත් ඝානාව පුරා දේවස්ථාන, පාසැල් සහ තවත් බයිබල් ආයතන දෙකක් බිහි වී ඇත. ඒ සියල්ල ආරම්භ කළේ එම නිහතමානී පාසලේ උපාධිධාරීන් විසිනි.

අර්තක්ෂස්තා රජුගේ පාලන සමයේදී (ක්‍රි.පු. 465-424) එස්රා නමැති ලේඛකයා විසින් ජෙරූසලමට ආපසු යාම සඳහා යුදෙව් වහලුන් කණ්ඩායමක් එක්රැස් කළේය. නමුත් එස්රාට ඔවුන් අතර ලෙවීවරුන් හමු නොවීය (එස්රා 8:15). පූජකයන් ලෙස සේවය කිරීමට ඔහුට ලෙවීවරුන් අවශ්‍ය විය. එබැවින් ඔහු
“අපගේ දෙවියන්වහන්සේගේ ගෘහය සඳහා සේවකයන් අප වෙත ගෙන එන ලෙස” නායකයින්ට නියෝග කළේය (17 පදය). ඔවුන් එසේ කළ අතර (18-20 පද), පසුව එස්රා ඔවුන් සියල්ලන්ම නිරාහාර යාච්ඤා කාලයකට මඟපෙන්වීම දුන්නේය (21 පදය).

එස්රාගේ නමේ අර්ථය “සහායකයා” යන්නයි. එය හොඳ නායකත්වයේ හදවතක රැඳී තිබෙන ලක්‍ෂණයකි. එස්රාගේ යාච්ඤාවෙන් යුත් මඟපෙන්වීම යටතේ, ඔහු සහ ඔහුගේ ‘ගෝල පිරිස’ ජෙරුසලමේ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කරති (9-10 පරිච්ඡේද බලන්න). ඔවුන්ට අවශ්‍ය වූයේ සුළු දිරිමත් කිරීමක් සහ ඥානවන්ත මඟපෙන්වීමක් පමණි.

දෙවියන්වහන්සේගේ සභාවද ක්‍රියාත්මක වන්නේ එලෙසිනි. හොඳ උපදේශකයින් අපව ධෛර්යමත් කරවන අතර අන් අය වෙනුවෙන්ද එසේ කිරීමට අපි ඉගෙන ගනිමු. එවැනි බලපෑමක් අපගේ ජීවිත කාලය ඉක්මවා යයි. දෙවියන්වහන්සේ වෙනුවෙන් විශ්වාසවන්තව කරන සේවය සදාකාලිකව පවතියි.