මීට වසර කීපයකට පෙර, කොට්ටේා්රුවෙක් අපේ නිවසේ පැත්තකට කොටමින් සිටියේය. අපි හිතුවේ ගැටළුව බාහිර දෙයක් විතරයි කියලා. දවසක් මගේ පුතායි මමයි ඉණිමඟකින් අට්ටාලයට නැඟ්ගා. කුරුල්ලෙක් අපගේ මුහුණ ඉදිරියෙන් පියඹා ගියේය. ප්‍රශ්නය අප සැක කළාට වඩා දරුණු විය: මෙය අපේ නිවස ඇතුළේ ප්‍රශ්නයක් විය.

යේසුස් ස්වාමින්වහන්සේ යෙරුසලමට පැමිණි විට, සමූහයා බලාපොරොත්තුවෙන් සිටියේ ඔවුන්ගේ බාහිර ගැටළු විසඳිය හැක්කේ උන්වහන්සේට පමණයි කියා. එනම් රෝමවරුන් විසින් ඔවුන්ට පීඩා කිරීම. “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා! ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේය! ඉතා උස් තැන්හි හෝසන්නාය!” (මතෙව් 21:9) කියා ඔවුන් උන්මාදයෙන් කෑගැසුවෝය. ඔවුන් බලා සිටි මොහොත මෙයයි; දෙවියන්වහන්සේ විසින් පත්කරන ලද රජ පැමිණියේය. දෙවියන්වහන්සේ විසින් තෝරාගත් ගැළවුම්කරුවා විසින් බාහිර දේවල් ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගන්නේ නම්, එතුමා පිටතට පෙනෙන සියළු වැරදි වලින් ආරම්භ කරන්නේ නැද්ද? නමුත් බොහෝ ශුභාරංචි වාර්තාවල, “විජයග්‍රාහි ප්‍රවේශයෙන්” පසුව සිදුවෙන්නේ යේසුස්වහන්සේ දේවමාළිගාවෙන් සූරාකන මුදල් හුවමාරු කරන්නන් පලවා හැරීමෙනි (12-13 පද). උන්වහන්සේ නිවස පිරිසිදු කරන්න ආරම්භ කළේ ඇතුළේ සිට පිටතටයි.

යේසුස්වහන්සේ රජු ලෙස අප පිළිගන්නා විට සිදුවන්නේ එයයි. ස්වාමින්වහන්සේ පැමිණෙන්නේ අපගේ වැරදි නිවැරදි කරන පිණිසයි. උන්වහන්සේ පටන්ගන්නේ අපගේ ජීවිතවලින්. උන්වහන්සේ අප තුළ ඇති නපුරට මුහුණ දීමට සළස්වන සේක. යේසුස් ස්වාමින්වහන්සේ කොටළුවෙකු පිට නැගී සිටින්නේ ජයග්‍රාහී අශ්වයාගේ රණශූරයෙක් මෙනි. අශ්වයාව සාමයේ සංකේතයක් ලෙස පිළිගත් නමුත් එහි අවසාන අරමුණ වූයේ කොන්දේසි විරහිතව යටත් වීමය. අපගේ රජ වන යේසුස් ස්වාමින්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේද එයමය.