“මම මහන්න ආසයි!” මගේ මිතුරිය ප්‍රකාශ කළා. තමා වෙනුවෙන් ඇඳුම් මැසූ ආච්චි සමඟ හැදී වැඩුණු ආකාරය ඇයට සිහිපත් විය. මහන මැෂිමේ ශබ්දය ඇසූ සෑම විටම, ඇගේ ආච්චි ඇය වෙනුවෙන් මහන්නේ කුමක්ද යන්න ගැන සිතමින් ඇය සතුටට පත් වූවාය.

දැන්, වැඩිහිටියෙකු ලෙස, මගේ මිතුරියද මහන අතර, එම කුසලතාව ඇගේ දියණියට පවරා දීමට සැළසුම් කරයි. ඇගේ දියණියට වයස අවුරුදු පහක් වුවද, ඇයගේ උනන්දුව ඇති කර ගැනීම සඳහා ඇය රෙදි ගබඩාවලට ගෙන එයි.

නිපුණතා, වෙළඳාම හෝ විශ්වාස පද්ධතියක් එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා ගෙන යාම සමහර සංස්කෘතීන් අතර පොදුවේ. පුද්ගලයින් තම දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්නා දේ, තම දරුවන් වෙත ලබා දෙයි. තිමෝතිට ලියූ ලිපියේ පාවුල් තිමෝතිගේ ආච්චි ලොයිස් සහ ඔහුගේ මව යුනිස්ගේ සැබෑ විශ්වාසය සිහිපත් කරයි. යේසුස්වහන්සේව තම ගැළවුම්කාරයා ලෙස විශ්වාස කිරීමට තීරණය කරන තුරු කාන්තාවන් දෙදෙනාම කුඩා තිමෝති සමඟ දේව වචනය බෙදා ගත්තා විය හැකියි (2 තිමෝති 3:15).

අපි සිතන්නේ කෙසේ ද? අපගේ විශ්වාසය ඊළඟ පරම්පරාවට ලබා දීමට අප කුමක් කරන්නේ ද? දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් පෙළඹී උන්වහන්සේගේ ආත්මයාණන් විසින් බල ගැන්වී (2 තිමෝති 1:7), ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීම යන්නෙහි තේරුම පෙන්වීම මඟින් අපගේ වචන හා ක්‍රියාවන් තුළින් අපට යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය බෙදා ගත හැකිය (2 තිමෝති 2:2). ප්‍රායෝගික නිපුණතාවයක් බෙදාගැනීමට වඩා, අපගේ වටිනා ඇදහිල්ල බෙදාගත හැකිය.