ඇන්ඩෘ ජීවත්වන්නේ ශුභාරංචියට වසා ඇති රටකය. ඔහු තම ඇදහිල්ල රහසක් ලෙස තබාගන්නේ කෙසේදැයි මම ඇසූ විට ඔහු කීවේ එය රහසක් හැටියට තියාගන්නේ නැති බවයි. ඔහු තම සභාව ප්‍රචාරය කරන බොත්තමක් පැළඳ සිටින අතර, ඔහු අත්අඩංගුවට ගන්නා සෑම අවස්ථාවකදීම “ඔවුන්ට ද යේසුස්වහන්සේ අවශ්‍ය” බව ඔහු පොලිසියට පවසන්නේය. ඇන්ඩෘට ධෛර්යයක් ඇත්තේ ඔහුගේ පැත්තේ සිටින්නේ කවුරුන්ද යන්න දන්නා බැවිනි.

ඉශ්‍රායෙල් රජු ඔහුව අත්අඩංගුවට ගැනීමට සොල්දාදුවන් පනස් දෙනෙකු යැවූවත් එළියා බිය ගැන්වීම ප්‍රතික්‍ෂේප කළේය (2 රාජාවලිය 1:9). දෙවියන්වහන්සේ තමා සමඟ සිටින බව දිවැසිවරයා දැන සිටි අතර, භට පිරිස විනාශ කරන්නට ඔහු උන්වහන්සේගෙන් ගින්න ඉල්ලා සිටියේය. රජතුමා තවත් සොල්දාදුවන් යැවූ අතර එළියා නැවතත් එය කළේය (12 පදය). රජතුමා තවත් සොල්දාදුවන් යැව්වා, එළියා ඔවුන්වද ගින්නෙන් විනාශ කළේය. රජතුමා තවත් සොල්දාදුවන් යැවු නමුත් තුන්වන බලකාය අනෙක් අය ගැන අසා තිබුණා. කපිතාන් එළියාගෙන් අයැද සිටියේ තම සොල්දාදුවන්ගේ ජීවිත බේරාගන්නා ලෙසයි. එළියා දිවැසිවරයා ඔවුන්ට බියවූවාට වඩා සොල්දාදුවන් එළියාට භියවූ නිසා සමිඳාණන්වහන්සේගේ දූතයා එළියාට පැවසුවේ ඔවුන් සමඟ යෑම ආරක්‍ෂිත බවය (13-15පද).

අප සතුරන් විනාශ කිරීමට ගිනි ඉල්ලනවාට යේසුස්වහන්සේ කැමති නැත. සමාරියානු ගමකට ගිනිතැබිය හැකි දැයි ගෝලයන් ඇසූ විට, යේසුස්වහන්සේ ඔවුන්ට තරවටු කළ සේක (ලූක් 9:51-55). අපි ජීවත් වෙන්නේ වෙනස් කාලයකය. නමුත් යේසුස් ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අපට එළියාගේ නිර්භීතකම තිබීමයි – ඔවුන් වෙනුවෙන් මිය ගිය ගැළවුම්කරුවා ගැන සෑම කෙනෙකුටම පැවසීමට සූදානම්ව සිටීමයි. එක් අයෙකුට විරුද්ධව පනස් දෙනෙකු පැමිණෙන බවක් පෙනෙන්නට තිබුණත් එය ඇත්ත වශයෙන්ම පනහට එක්කෙනෙකි. යේසුස්වහන්සේ අපට ධෛර්යවත්ව ආදරය කිරීමට හා අන් අය වෙත ළඟා වීමට අවශ්‍ය දේ සපයන සේක.