එක්සත් ජනපද ප්‍රාන්තයක නිවාස 34,000ක් පමණ අත්තිවාරම් වැරදි නිසා කඩා වැටීමේ අවදානමට ලක්ව ඇත. එසේ සිදුවන බව වටහා නොගෙත් කොන්ක්‍රීට් සමාගමක් ඛනිජ සහිත ගල් වලකින් ගල් බාවිතා කරන ලදී. එම ගල් වටා තිබුණු ඛනිජ ඉවත්වුනු නිසා, කාලයක් ගතවූ පසුව කොන්ක්‍රීට් පුපුරන්න පටන් ගන්නා ලදී. නිවාස හය සියයකට ආසන්න අත්තිවාරම් මේ වන විටත් කඩා වැටී අවසන් අතර කාලයත් සමග එම සංඛ්‍යාවන් තවත් වැඩි වනු ඇත.

යේසුස්වහන්සේ වැරදි පදනමක් මත නිවසක් තැනීමේ ප්‍රතිරූපය භාවිතා කළේ අස්ථීර භූමියක අපගේ ජීවිත ගොඩනැගීමේ භයානක අවදානම පැහැදිළි කිරීමටය. උන්වහන්සේ තවදුරටත් පැහැදිළි කරමින් අප අතරේ සමහරෙක් අපගේ ජීවිතය තනා ගන්නේ කළුගල් මත කියාය. එම නිසා කුණාටු වලට මුහුණ දෙන විටදී අප ඝණ ද්‍රව්‍යයක් අල්ලා ගෙන සිටිනවා සේ සුරක්‍ෂිත බවක් ලබා දෙයි. කෙසේ වෙතත් අප අතරේ ඇතැම් අය වැලි මත ජීවිතය ගොඩ නගයි. දැඩි කුණාටු පැමිණෙන විටදී ඔවුන්ගේ ජීවිත “විශාල කඩාවැටීමකින්” කඩා වැටේ (මතෙව් 7:27). නොසැළෙන අත්තිවාරමක් මත ගොඩ නැගීම සහ බිඳ වැටෙන එකක් අතර ඇති වෙනස නම් අපි ක්‍රිස්තුස්වහන්සේගේ වචන “ක්‍රියාවට නංවනවාද නැද්ද” යන්නයි (26 පදය). ප්‍රශ්නය වන්නේ උන්වහන්සේගේ වචන අපට ඇසෙනවාද නැද්ද යන්න නොව ස්වාමින්වහන්සේ අපට හැකියාව ලබා දෙන ආකාරයට අප ඒවා පිළිපදින්නේද යන්නයි.

මේ ලෝකයේ අපට බොහෝ ප්‍රඥාව ලබා දෙනවා – ඊට අමතරව බොහෝ උපදෙස් හා උපකාර සහ එයින් බොහෝමයක් හොඳ සහ උපකාර වෙනවා. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ සත්‍යයට කීකරු වීම හැර වෙනත් පදනමක් මත අපගේ ජීවිතය පදනම් කර ගන්නේ නම් අපි කරදරවලට ආරාධනා කරමු. ස්වාමින්වහන්සේගේ ශක්තියෙන් දෙවියන්වහන්සේ පවසන දේ කිරීම එනම් පර්වතයක් මත ඉදිකරන ලද නිවසක් නැමැති ජීවිතයක් ඇති එකම ක්‍රමයයි.