ඔහුගේ දොළොස්වන නත්තලේදී මෙම දරුවා ගස යට තිබූ තෑගි විවෘත කිරීමට මහත් උනන්දුවෙන් බලා සිටියේය. ඔහු අලුත් බයිසිකලයක් බලාපොරොත්තුවෙන් සිටියද ඔහුගේ බලාපොරොත්තු සුන් විය. ඔහුට ලැබුණු අවසන් තෑග්ග ශබ්දකෝෂයකි. පළමු පිටුවේ ඔහු කියවුයේ “1958 දී අම්මා සහ තාත්තා වෙතින් චාර්ල්ස් වෙත. පාසැලේදී ඔබ ඉතා හොඳට වැඩ කරයි කියා ඉහළ බලාපොරොත්තුවක් ඇතුව සහ ආදරයෙන් මෙය ලබා දෙන්නෙමු” යනුවෙනි.

ඊළඟ දශක තුළ චක් පාසැලේදී හොඳ ප්‍රතිඵල ලබා ගත්තේය. ඔහු විද්‍යාලයෙන් උපාධිය ලබා ගත් අතර පසුව ගුවන් පුහණුව ලබා ගත්තේය. ඔහු විදේශයක සේවය කරන ගුවන් නියමුවෙක් වූයේය. අවශ්‍යතා ඇති ජනතාවට උපකාර කිරීමට සහ ඔවුන් සමග යේසුස්වහන්සේ ගැන බෙදා ගැනීමට තිබූ ආශාව ඔහු ඉෂ්ට කර ගත්තේය. දැන් ශබ්දකෝෂය ලැබී වසර හැටකට පසු ඔහු සිය මුණුපුරන් සහ මිනිපිරියන් සමග අබලන් වූ ශබ්ද කෝෂය බෙදා ගත්තේය. එය ඔහුගේ අනාගතය සඳහා ඔහුගේ දෙමාපියන්ගේ ආදරණීය ආයෝජනයේ සංකේතයක් බවට පත්ව තිබූණු අතර චක් තවමත් එය අගය කොට සළකයි. නමුත් දෙවියන්වහන්සේ ගැනත් දේව වචනය ගැනත් උගන්වමින් තම ඇදහිල්ල ගොඩනගා ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් දිනපතා කරන ලද ආයෝජනයන් ගැන ඔහු ඊටත් වඩා කෘතඥ වන්නේය.

ද්වීථීය කථාව 11 වන පරිච්ඡේදයේ සඳහන් වන්නේ ශුද්ධ ලියවිල්ලේ වචන දරුවන් සමග බෙදා ගැනීමට සෑම අවස්ථාවක්ම භාවිතා කිරීමේ වැදගත් කම ගැනයි. “ඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වන්න” (20 පදය).

චක්, ඔහු කුඩා දරුවෙකු කාලයේ රෝපණය කරන ලද සදාකාලික අගයන් ඔහුගේ ගැළවුම්කරුවාණන් වෙනුවෙන් සේවය සඳහා ජීවිත කාලීන මල්ඵල හට ගැන්මක් වුනි. දෙවියන්වහන්සේගේද උපකාරය ඇතුව යමෙකුගේ අධ්‍යාත්මික වර්ධනය සඳහා අප කරන ආයෝජන කෙතරම් ඵලදාවක් දරයිදැයි කාට කිව හැකිද?