නම් තැබීම විශේෂ දෙයකි. එය දරුවෙක් වූවත් සමාගමක් හෝ සුරතල් සතෙක්ගේ වුවත් විශේෂිතය. දෙමපියන්, ව්‍යපාරිකයන් සහ පවුල්, පරිපූර්ණ නමක් තෝරා ගැනීම සඳහා ඔවුන්ගේ මොළය බොහෝ සෙයින් වෙහෙසට පත් කරති. උසස්ම දෙයක් තෝරා ගැනීමට උත්සාහ කිරීමේ සිට අසමසම නමක් තෝරා ගැනීම දක්වා බොහෝ අය වැදගත් අර්ථයක් සහිත නම් තෝරා ගැනීමට කැමතිය. උදාහරණයක් ලෙස මගේ චීන නම ගන්න. එය මා වෙනුවෙන් මාගේ දෙමාපියන් තුළ තිබූ බලාපොරොත්තුව පෙන්වයි. මම ප්‍රඥාවන්ත පුද්ගලයෙක් වේවි කියා ඔවුහු ප්‍රාර්ථනා කළහ.

බයිබලීය කාල වලදී පවා නම් ඉතා වැදගත් විය. නම්වල වැදගත්කම මෝසෙස් දැන සිටියේය. දැවෙන පඳුරේදී දෙවියන්වහන්සේ ඔහුව මුණගැසී බලවත් ඵාරාවෝගෙන් ඉශ්‍රායෙල්වරුන්ව ගළවා ගැනිීමේ මෙහෙයුම ඔහුට දුන් විට ඔහු දෙවියන්වහන්සේගෙන් ඇසුවේ “ඔබවහන්සේගේ නාමය කුමක්ද?” (නික්මයාම 3:13) කියාය. දෙවියන්වහන්සේ පිළිතුරු දෙමින් “මම” (මම යම්සේ සිටිම්ද එසේම සිටිමි) (14 පදය) යයි කී සේක.
“මම” යනු සදාකාලික, ස්වයංපෝෂිත, පූර්ව පැවැත්මක් නැති, ස්වයං පැවැත්මක් ඇති, සර්ව බලධාරී සහ සීමාවකින් තොර දෙවිකෙනෙක් බවය. තම පැවැත්ම සඳහා වෙනත් දෙයක් මත රඳා නොසිටින විශ්වයේ සිටින එකම පරමාධිපති දෙවියන්වහන්සේය. උන්වහන්සේ ඊයේ අද සහ සදහටම එක හා සමානයි. උන්වහන්සේව චරිතයෙන් බැහැර කිරීමට හෝ උන්වහන්සේගේ උතුම්කම හා සැසඳීමට හෝ කිසිම දෙයකට නොහැකිය.

උන්වහන්සේගේ අඛණ්ඩ විශ්වාසය කෙරෙහි ඇති අපගේ විශ්වාසයේ නොසෙල්වෙන අත්තිවාරම වන්නේ දෙවියන්වහන්සේගේ නාමයය. උන්වහන්සේගේ නාමය තේරුම් ගැනීිම අපගේ එදිනෙදා කටයුතු කෙරෙහි උන්වහන්සේව විශ්වාස කිරීමට සහ අපගේ වගකීම් ඉටු කිරීමට උපකාරී වේ. මක්නිසාද අසීමිත වූ “මම” අප සමග සිටින බවත් එසේම උන්වහන්සේ වෙනස් නොවන බවත් අප දන්නා නිසාය.