දේශීය උසස් පාසැල් ක්‍රීඩා ඉසව්වලදී ටෙඩ් යනු විශාලතම සහ ඉතාම උස් හඬින් ඔල්වරසන් දෙන නායකයා විය. ඔහු පිරිහෙන තත්ත්වයකට පත්වන්න පෙර ඔහු අඩි හයක් අඟල් හයක් උසින් සහ රාත්තල් 290 ක් බරින් යුක්ත විය. ටෙඩ් “නිල්” (පාසැලේ වර්ණය) කියා කෑගසමින් ප්‍රේක්‍ෂකයන් දිරි ගැන්වූ අතර පාසැල් ඉසව් වල රස කැවිලි වීසි කිරීම ගැන ජනප්‍රීය වූ අයෙකි. ඒ නිසා ඔහුට “විශාල නිල්” (Big Blue) යන නාමය හිමි වුනි.

එහෙත් ඔහුගේ ප්‍රජාව තුළ ටෙඩ්ගේ කීර්තිය ලැබුණේ ඔල්වරසන් කිරීමේ නායකයෙක් හැටියට නොවේ. යෞවනයෙක් ලෙසින් මත්පැන් වලට ඇබ්බැහි වීමේ අත්දැකීම නිසාද නොවේ. නැත. ඔහුව සිහි කෙරුණේ දෙවියන්වහන්සේට සහ ඔහුගේ පවුලට ඔහු දැක්වූ ප්‍රේමය නිසාද ඔහුගේ ත්‍යාගශීලි භාවය සහ කරුණාවන්ත කම නිසාද වේ. පැය හතරක් පැවතී ඔහුගේ “නිවසට යාම” සැමරීමේ දේව මෙහෙයේදී එහි පැමිණ සිටි සෑම පුද්ගලයෙක්ම ඉදිරියට පැමිණ ශුභාරංචිය තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ බලයෙන් අඳුරේ සිටි අයව ගළවා ගත් ඔහුගේ ජ්වලිත ක්‍රිස්තියානි ජීවිත විලාශය ගැන සාක්‍ෂි දැරූහ.

එපීස 5:8 හී අපෝස්තලු පාවුල් තුමා ඇදහිලිවතුන්ට “වරක් අන්ධකාරයේ” සිටි බව මතක් කරන අතරම “දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය. ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්න” කියා දන්වන්නේය. යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සෑම කෙනෙකුගේම කැඳවීම එයයි. ටෙඩ් වැනි ආලෝකයේ දරුවන්ට මේ ලෝකයේ අන්ධකාරයේ ගිලී සිටින අයට පිරිනැමීමට බොහෝ දේ ඇත. “අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවන්” වළක්වා ගත යුතුය (3-4 සහ 11 පද බලන්න). අපගේ ප්‍රජාවන්හි සහ ලොව පුරා සිටින අයට යේසුස්වහන්සේ තුළ බැබලුණු අයගේ දීප්තිමත් සහ සුවිශේෂී සාක්‍ෂි අවශ්‍ය වේ (14 පදය). කෙතරම් සුවිශේෂිද? ආලෝකය අන්ධකාරයෙන් වෙනස් වන ආකාරයට.