දුරකථන වෙළඳ සැළේදී තරුණ සභාපාලකයා නරක ආරංචියක් බලාපොරොත්තු වූයේය. ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය අපගේ බයිබල් පංතියේදී අහම්බෙන් වැටී තිබීම මුළුමණින්ම පාඩුවක් නේද? ඇත්ත වශයෙන්ම නැත. වෙළඳ සැළේ ලිපිකාරිනිය සභාපාලක තුමාගේ බයිබල් වීඩියෝ සහ ඡායාරූප ඇතුලු සියලු දත්ත සොයා ගත්තාය. “මම මකා දැමූ සෑම ඡායාරූපයක්ම ඇය සොයා ගත්තාය” කියා ඔහු කීවේය. “එසේම මාගේ බිඳුණු දුරකථනය වෙනුවට වෙළඳ සැළ අලුත් දුරකථනයක් ආදේශ කළා” ඔහු තවදුරටත් කීවේය. “මට අහිමි වූ සියල්ල සහ තවත් බොහෝ දේ මම නැවත ලබා ගතිමි” කියා ඔහු කීවේය.

දරුණු අමලෙක්වරුන්ගේ ප්‍රහාරයකින් පසු දාවිත් වරක් තමාගේම “නැවත ලබා ගැනීමේ” මෙහෙයුම මෙහෙය වීය. පිලිස්තිවරුන්ගේ පාලකයන් විසින් හෙළා දකින ලද දාවිත් සහ ඔහුගේ හමුදාව දැන ගත්තේ අමලෙක්වරු විසින් ඔවුන්ගේ ශික්ලග් නගරය වටලා පුළුස්සා දමා එහි සිටි ස්ත්‍රීන්ද සියල්ලන්ද ඔවුන්ගේ භාර්යයාවන් ඇතුලු දරුවන්ද (1 සාමුවෙල් 6:2-3) වාලට ගෙන ගිය බවයි. “එවිට දාවිත්ද ඔහු සමග සිටි සෙනගද ඔවුන්ට තවත් අඬන්ට පුළුවන්කම නැතිවන තුරුම ශබ්ද නගා හැඬුවෝය” (4 පදය). සොල්දාදුවන් තමන්ගේ නායක දාවිත් සමග කොතරම් කෝපයට පත්වූවාද කිවහොත් “ඔහුට ගල් ගැසීම” ගැන කථා කළහ (6 පදය).

“නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමින්වහන්සේ තුළ ශක්තිය උපදවා ගත්තේය” (6 පදය). දෙවියන්වහන්සේ පොරොන්දු වූ පරිදි දාවිත් අමලෙක්වරුන් පසුපස ලුහුබැඳ ගොස් “අමලෙක්වරුන් විසින් ගෙනගිය සියල්ලත්…. ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත්‍රයන්ගෙන්ද දුවරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය” (18-19 පද). අපගේ බලාපොරොත්තු පවා “සොරකම්” කරන අධ්‍යාත්මික ප්‍රහාරයන්ට අප මුහුණ දෙන විට දෙවියන්වහන්සේ තුළ නව ශක්තියක් අපට ලැබේවා. ජීවිතයේ සෑම අභියෝගයකදීම උන්වහන්සේ අප සමග සිටින සේක.