කාලගුණ අනාවැකිය පැවසුවේ ඉතාම දරුණු කුණාටුවක් බවයි. වායුගෝලීය පීඩනය පහත වැටෙන විට ශීත කුණාටුවක් උත්සන්න වෙද්දී සිදුවන්නේ මෙයයි. රාත්‍රීයේදී හිම කුණාටු හේතුවෙන් ඩෙන්වර් ගුවන් තොටුපළ වෙත යන පාර දැකගත නොහැකි තරම් විය. ඒ තරමටම. නමුත් ඔබගේ දියණිය ගුවන් යානයෙන් නිවසට පැමිණෙන්නේ නම් ඔබ කළ යුතු දේ කරන්නේය. ඔබ අමතර ඇඳුම් සහ ජලය ගෙන යන්නේය (ඒ ඔබ අධිවේගී මාර්ගයේ හදිස්සියේම අතරමං වුවා නම්). ඉතා සෙමින් රිය පදවයි. නොනවත්වා යාච්ඤා කරයි. අවසාන වශයෙන් නොව අවම වශයෙන් ඔබගේ යානයේ ඉදිරිපස ප්‍රධාන පහන් (හෙඩ් ලයිට්) කෙරෙහි විශ්වාස කරයි. ඇතැම් විට ඔබට කළ නොහැකි යයි සිතු දේ වෙත ළඟා විය හැකිය.

යේසුස්වහන්සේද ක්‍ෂිතිජයේ කුණාටුවක් ගැන කල් තියා දැනුම් දුන් අතර එය උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වූවකි (යොහන් 12:31-33). එසේම විශ්වාසවන්තව සිටිමින් සේවය කරන ලෙසට තම අනුගාමිකයන්ට අභියෝග කළ සේක (26 පදය). එය නොපෙනී යන තරමටම අඳුරු විය හැකිය. ඒ තරමටම. යේසුස්වහන්සේ ඔවුන්ට කරන්න කීවේ කුමක්ද? ආලෝකය කෙරෙහි අදහා ගන්න හෝ විශ්වාස කරන්න හෝ කියාය (36 පදය). ඔවුන්ට ඉදිරියට යාමට සහ විශ්වාසවන්තව සිටීමට හැකි එකම ක්‍රමය එය වන්නේය.

යේසුස්වහන්සේ ඔවුන් සමග සිටින්නේ තවත් ටික කාලයක් පමණී. නමුත් ඇදහිලිවතුන්ට නිතරම මග පෙන්වමින් මාර්ගයට ආලෝකයක් වන්නේ උන්වහන්සේගේ ආත්මයය. ඉදිරි මාවත දැක ගත නොහැකි තරමට අපත් අඳුරු කාලවලට මුහුණ දෙන්නෙමු. නමුත් ආලෝකය කෙරෙහි විශ්වාස කිරීමෙන් හෝ ඇදහීමෙන් හෝ අපට ඉදිරියට යා හැකිය.