වපර ඇස් ඇති (cockeyed) දැල්ලන් ජීවත් වන්නේ හිරු එළිය ගැඹුරු ජලය හරහා යෑම සිදු නොවන සාගරයේ “අන්ධකාර කලාපයේය”. මෙම දැල්ලන්ගේ අන්වර්ථ නාමය ඔවුන්ගේ අතීශය වෙනස් ඇස් නිසා පටබැඳුණු එකකි. වම් ඇස කාලයත් සමග දකුණු ඇසට වඩා සැළකිය යුතු තරම් විශාලය. දෙගුණයක් තරම් විශාලය. මොලස්ක් (කබලක් ඇති ගොළුබෙල්ලා වැනි දැල්ලන්) අධ්‍යයනය කරන විද්‍යාඥයින් නිගමණය කර ඇත්තේ දැල්ලන් ඔවුන්ගේ දකුණු ඇස වන කුඩා ඇස අඳුරු ගැඹුර බැලීමට භාවිතා කරන බවයි. විශාල වම් ඇස හිරු එළිය දෙස ඉහළ බලන බවයි.

දැල්ලා නමින් හඳුන්වන මත්ස්‍යයා අපගේ වර්තමාන ජීවිතවලට හා අනාගතයේදී ස්වාමින්වහන්සේ සමග සදාකාලික ජීවිතයට හොඳම නිදසුනක් නොවූවත් අපි “ක්‍රිස්තුස්වහන්සේ සමග නැගිටුවනු ලද්දහු” (කොලොස්සි 3:1) අය මෙන් බලා සිටින්නෙමු. අපෝස්තලු පාවුල් කොලොස්සිවරුන්ට ලියු ලිපියේ ඔහු අවධාරණය කරන්නේ අපගේ ජීවිත “ක්‍රිස්තුස්වහන්සේ සමග දෙවියන්වහන්සේ තුළ සඟවා” (2-3 පද) ඇති නිසා “උසස් තැන්හි තිබෙන දේම” (2-3 පද) දෙස බලන ලෙසටය.

ස්වර්ගීය ජීවිතය දෙස බලා සිටින ලෝවාසීන් වශයෙන් අපගේ වර්ථමාන යථාර්ථය තුළ අප අවට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි විමසිල්ලෙන් සිටින්නෙමු. නමුත් දැල්ලන්ගේ වම් ඇස කාලයත් සමග විශාල හා වඩා ඉහළින් සිදුවන දෙයට වර්ධනය වනවා සේම දෙවියන්වහන්සේගේ අධ්‍යාත්මික ක්‍ෂේත්‍රය තුළ ක්‍රියා කරන ආකාරය පිළිබඳ අපගේ දැනුවත් භාවය වර්ධනය කරගත යුතු වන්නෙමු. යේසුස්වහන්සේ තුළ ජීවත්ව සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අප තවම සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන නැති නමුත් අපි “ඉහළ” බලන විට අපගේ දෑස් එය වඩ වඩාත් දැකිීමට පටන් ගන්නවා ඇත.