ඉන්දියාවේ චෙන්නායි හී රිය පැදවීම ඉගෙන ගන්නා අතරතුර මම උදේ පාන්දර රථවාහන තදබදය තුළ රිය පැදවීමි. එය මාව භිය ගැන්වූ අතර එක් අවස්ථාවකදී මම කොපමණ භියට පත්වූවාද කිවහොත් මම තිරිංග වෙනුවට ඇක්සලේටර් පැඩලය පෑගුවෙමි. මම තිගැස්සුණෙමි. රිය ඉදිරියට ගොස් නැවතුණි. එසේ වූයේ උපදේශකයා තමා වාඩිවී සිටී මගී අසුනේ සිට තිරිංග තද කළ නිසාය. මම භීතියට පත්ව සිටියදී මගේ උපදේශකයා සන්සුන්ව ප්‍රතිචාර දක්වා තිබුණි.

මාර්ක් 4:35-41 දක්වා යේසුස්වහන්සේගේ ගෝලයන් භීතියට පත්වන අතර උන්වහන්සේ කුණාටුව තුළ නිදා ගෙන සිටි ආකාරය විස්තර කරයි. කුණාටුව සන්සුන් කිරීමට උන්වහන්සේ නැගිට සිටියේ ගෝලයන් උන්වහන්සේ අවදි කළ විටදී පමණය. උන්වහන්සේගේ ගෝලයන් ප්‍රවීණ ධීවරයන් වූවත් හදිසි කුණාටු තත්ත්වයන්ට කලින් ඔවුන් මුහුණ දී තිබුණත් ඔවුන් එසේ භීතියට පත් වෙද්දී යේසුස්වහන්සේ කලබල නොවී සිටියේ කෙසේද?

යේසුස්වහන්සේට එසේ සන්සුන්ව සිටිය හැකි වුයේ උන්වහන්සේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළ හෙයිනි. ස්වාමින්වහන්සේ මැවිල්ල සහ එහි ඇති සෑම දෙයක් ගැනමද අප මුහුණ දෙන ඕනෑම තත්ත්වයන් ගැනමද සර්ව බලධාරී සහ සම්පූර්ණ බලය ඇති තැනන්වහන්සේ වන සේක. කිසිම තත්ත්වයක් උන්වහන්සේගේ පාලනයෙන් බැහැර නොවේ. කුණාටුව සන්සුන් කිරීමට උන්වහන්සේට හැකිවූවා සේම (39 පදය) අපගේ අර්බුද සහ අභියෝග ජය ගැනීමට අපට උපකාර කිරීමටද උන්වහන්සේට හැකිය.

අද ඔබ භයානක තත්ත්වයක සිටින්නේ නම් යේසුස්වහන්සේ පූර්ණ පාලනයෙන් සිටින බව මතක තබා ගන්න. උන්වහන්සේට ඔබේ හදවතට සාමය හා සන්සුන් භාවය ගෙන ඒමට පමණක් නොව කුණාටුවෙන් මිදීමට ඔබට උපකාර කිරීමටද හැකිය.