විනෝද චාරිකාවක යෙදී සිටියදී මගේ ස්වාමිපුරුෂයාගේ කුඩා කාලයේ සිටම ඔහුගේ පවුල ගැන දැන සිටි කාන්තාවක් හමු වුනි. ඇය ඇලන් දෙසත් අපේ පුතා වන සේවියර් දෙසත් බැලුවාය. “ඔහු ඔහුගේ තාත්තාගේ ස්වරූපයමයි” ඇය කීවාය. “ඒ ඇස්, ඒ සිනහව, තාත්තාගේ වගේමයි”. පියා සහ පුතා අතර එතරම් කිට්ටු සමානකමක් ඇති බව පිළිගැනීමෙන් කාන්තාව සතුටු වන අතර ඔවුන්ගේ පෞරුෂත්වයේ සමානකම්ද ඇය සඳහන් කළාය. එහෙත් ඔවුන් බොහෝ ආකාරවලින් එක හා සමාන වූවත් මගේ පුතා පියාව සම්පූර්ණ ලෙස පිළිබිඹු නොකරයි.

පියාණන්වහන්සේව සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන එකම පුත්‍රයා යේසුස්වහන්සේය. ක්‍රිස්තුස්වහන්සේ “අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයය, මුළු මැවිල්ලේ කුළුඳුලාණෝය” (කෙලොස්සි 1:15). සියල්ල උන්වහන්සේ තුළත් උන්වහන්සේ කරණකොට ගෙනත් උන්වහන්සේ උදෙසාත් මවන ලදී (16 පදය). “උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටින සේක. සියල්ලද උන්වහන්සේ තුළ පවතින්නේය” (17 පදය).

අපට යාච්ඤාවේ සහ බයිබල් පාඩමේ කාලය ගත කිරීමෙන් මාංසවත්වූ දෙවියන්වහන්සේ වන යේසුස්වහන්සේ දෙස බැලීමෙන් පියාගේ චරිතය සොයා ගැනීමට පුළුවන. අන් අය සමග සහ අපගේ එදිනෙදා ජීවිතය කෙරෙහි උන්වහන්සේගේ ප්‍රේමය ක්‍රියා කරන ආකාරය දේව වචනය තුළින් අපට දැක ගැනීමට උන්වහන්සේ අපට ඇරයුම් කරන සේක. අපගේ ජීවිත ක්‍රිස්තුස්වහන්සේට කැප කිරීමෙන් සහ ශුද්ධාත්මය නැමැති දීමනාව ලබා ගැනීමෙන් පසුව අපගේ පියාණන්වහන්සේව දැන ගැනීමෙන් සහ විශ්වාස කිරීමෙන් අපට වර්ධනය විය හැකිය. උන්වහන්සේ අපව වෙනස් කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් අපට ජීවත්විය හැකි වන පිණිස උන්වහන්සේගේ චරිතය පිළිබිඹු කිරීම සඳහාය.

අපි යේසුස්වහන්සේ හා සමාන යැයි අන් අයට කීමට හැකි නම් එය මොනතරම් ප්‍රීතියක්ද!