දහසය වන ශතවර්ෂයේ අවසාන භාගයේදී ඔරෙන්ජ් හි විලියම් හිතාමතාම ඔහුගේ දේශයේ ඉඩම් ජලයෙන් යට කළේය. ආක්‍රමණික ස්පාඤ්ඤ ජාතිකයන් පළවා හැරීමේ උත්සාහයක් ලෙස ලන්දේසි රජතුමා මෙතරම් දැඩි පියවරක් ගත්තේය. එය ක්‍රියාත්මක නොවූ අතර ප්‍රධාන ගොවිබිම් විශාල ප්‍රමාණයක් මුහුදට බිලි විය. “බලාපොරොත්තු රහිත අවස්ථාවන් වලදී බලාපොරොත්තු රහිත පියවර ගත යුතුය” කියා ඔවුහු කියති.

යෙසායාගේ දවසේදී අසිරියානු හමුදාව ඔවුන්ට තර්ජනය කළ විට යෙරුසලම බලාපොරොත්තු රහිත ක්‍රියා මාර්ගවලට යොමු විය. වටලෑම දරා ගැනීම සඳහා ජල ගබඩා පද්ධතියක් නිර්මාණය කරමින් ජනතාව නගර බිත්ති ඉහළට ඔසවා තැබීම සඳහා නිවාස කඩා දැමුහ. එවැනි උපක්‍රම බුද්ධිමත් විය හැකි නමුත් ඔවුන් වැදගත්ම පියවර නොසළකා හැරියේය. “පරණ පොකුණේ වතුරට පවුරු දෙක අතරේ ජලාශයක් සෑදුවහුය. එහෙත් ඒක කළ තැනන්වහන්සේ දෙස නුඹලා බැලුවේවත් මීට බොහෝ කලකට පළමුවෙන් ඒක තැනූ තැනන්වහන්සේ සැලකුවේවත් නැත” කියා දෙවියන්වහන්සේ කී සේක (යෙසායා 22:11).

අද අපේ ගෙයින් පිටත අපට සැබෑ හමුදාවක් හමු නොවනු ඇත. ඔස්වර්ල්ඩ් චේම්බර්ස් පැවසුවේ “පහර දීම සෑම විටම පොදු ආකාරවලින් සහ පොදු පුද්ගලයින් හරහා පැමිණේ” යනුවෙනි. එහෙත් එවැනි “පහරදීම්” සැබෑ තර්ජන නොවේ. ස්තුතිවන්ත විය හැකි දෙය නම් අපට අවශ්‍ය දේ සඳහා පළමුවෙන් උන්වහන්සේ වෙතට හැරෙන ලෙසට දෙවියන්වහන්සේ අපට ඇරයුම් කිරීම ඒ සමගම පැමිණීමයි.

ජීවිතයේ කරදර සහ බාධා ඇති වූ විට ඒවා දෙවියන්වහන්සේ වෙත හැරීමේ අවස්ථාවන් ලෙස අපි දකිමුද? එසේත් නැත්නම් අපි අපේම බලාපොරොත්තු රහිත විසඳුම් සොයන්නෙමුද?