ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර, අත්හැර යාමේ දඬුවම වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. එහෙත් යූනියන් හමුදාව අත්හැර ගිය අයව මරා දැමුයේ කලාතුරකිනි. එයට හේතුව ඔවුන්ගේ අණ දෙන නිලධාරී ඒබ්‍රහම් ලින්කන් ඔවුන් සියල්ලන්ටම පාහේ සමාව දුන් හෙයිනි. ලින්කන්ගේ ලිහිල් ක්‍රමය පලා යෑමට බලා සිටින භටයන්ට එසේ කිරීමට පෙළඹවීමක් බව විශ්වාස කළ යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන් කෝපයට පත් වුනි. නමුත් එඩිතර කම නැතිවී යුද්ධයේ උණුසුම තුළ භියට පත්වූ සොල්දාදුවන් කෙරෙහි ලින්කන් අනුකම්පාව දැක්වීය. ඔහුගේ එම අනුකම්පාවට සොල්දාදුවන් ප්‍රිය කළහ. ඔවුන් ඔවුන්ගේ “එබ්‍රහම් පියතුමාට” ආදරය කළ අතර ඔවුන්ගේ එම සෙනහස ලින්කන්ට තවදුරටත් සේවය කිරීමට ඔවුන්ට ආශාවක් ඇති කළේය.

“ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ යහපත් හේවායෙකු මෙන් දුක් විඳීමට පංගුකාරයෙක්” (2 තිමෝති 2:5) වන ලෙසට පැමිණෙන මෙන් පාවුල් විසින් තිමෝතිට කථා කළ විට ඔහු තිමෝතිව කැඳවන්නේ ඉතාමත් අසීරු කාර්යයකටය. සොල්දාදුවෙක්ට සම්පූර්ණයෙන්ම කැපවීම වෙහෙස මහන්සිවී වැඩ කිරීම සහ පරාර්ථකාමී වීම යන ගුණාංග තිබිය යුතුය. ඔහු තම අණ දෙන නිලධාරියා වන යේසුස්වහන්සේට මුළු හදින්ම සේවය කළ යුතුය. නමුත් යථාර්ථය නම් අපි සමහර විට උන්වහන්සේගේ හොඳ සොල්දාදුවන් වීමට අසමත් වන්නෙමු. අපි සෑම විටම උන්වහන්සේට විශ්වාසවන්තව සේවය නොකරන්නෙමු. එමනිසා පාවුල් තුමාගේ ආරම්භක වාක්‍යය වැදගත් වන්නේය. “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන කරුණාවෙන් ශක්තිමත් වන්න” (1 පදය). අපගේ ගැළවුම්කරුවාණෝ අනුග්‍රහයෙන් පිරී සිටින සේක. උන්වහන්සේ අපගේ දුර්වලකම් ගැන සංවේදී වන අතර අපගේ අසාර්ථකත්වයන්ට සමාව දෙන සේක (හෙබ්‍රෙව් 4:15). ලින්කන්ගේ දයානුකම්පාවෙන් සොල්දාදුවන් ශක්තිමත් වූවා මෙන්ම යේසුස්වහන්සේගේ කරුණාවෙන් ඇදහිලිවන්තයන් ශක්තිමත් වන්නේය. අපට තව දුරටත් උන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය වන්නේ උන්වහන්සේ අපට ප්‍රේම කරන බව අප දන්නා බැවිනි.