අපගේ විශාලතම අසාර්ථක අවස්ථාවන්හිදී එය අපට ප්‍රමාද වැඩි යයි විශ්වාස කිරීම පහසුය. අරමුණක් හා වටිනා ජීවිතයක් තුළ අපට ඇති අවස්ථාව අපට අහිමි වී ඇතැයි විශ්වාස කිරීමද පහසුය. නිව්යෝර්ක්හී උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක හිටපු රැඳවියෙකු වූ එලියාස්ද සිරකරුවෙක් ලෙසට හැඟීම් විස්තර කළේ එලෙසය. “මට බිඳුණු …. පොරොන්දු තිබුණි. මගේ අනාගතය ගැන පොරොන්දුව, මම කවුරුන් විය හැකිද යන පොරොන්දුව”.

බාර්ඩ් විද්‍යාලයේ “බන්ධනාගාර මුල පිරීම” යන විද්‍යාලීය උපාධි පිරිනැමීමේ වැඩසටහනේදී එලියාස්ගේ ජීවිතය පරිවර්තනය වීම පටන් ගත්තේය. එම වැඩ සටහනේදී ඔහු විවාද කණ්ඩායමට සහභාගී වූ අතර 2015 දී හාවර්ඩ්හි කණ්ඩායම සමග විවාද කොට ජය ගත්තේය. එලියාස්ට කණ්ඩායමේ සාමාජිකයෙක් වීම “මෙම පොරොන්දු මුලුමණින්ම නැතිවී නොමැති බව ඔප්පු කිරීමට” උපකාරී වූයේය.

යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ ශුභාරංචිය අපටද ශුභ ආරංචියක් බව තේරුම් ගැනීමට පටන් ගත් විට ඒ හා සමාාන පරිවර්තනයක් අපගේ හදවත් තුළද සිදු වේ. අපි පුදුමයෙන් තේරුම් ගන්න පටන් ගන්නේ මා වෙනුවෙන් තවමත් දෙවියන්වහන්සේට අනාගතයක් ඇතිය යන්නයි.

එය ඉපයීමට හෝ අහිමි කිරීමට නොහැකි අනාගතයක් වන අතර එය රඳා පවතින්නේ දෙවියන්වහන්සේගේ අති මහත් කරුණාව හා බලය මත පමණි (2 පේත්‍රෑස් 1:2-3). බලාපොරොත්තු රහිත ලෝකයක හා අපගේ හදවත් වලින් අපට නිදහස ලැබී ඇති උන්වහන්සේගේ “මහිමයෙන් හා යහපත්කමින්” පිරී ඉතිරී යන අනාගතයකි. ක්‍රිස්තුස්වහන්සේ තුළ සුරක්‍ෂිත වූ සිතාගත නොහැකි පොරොන්දු සහිත අනාගතයකි. “දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන” (රෝම 8:21) බලාපොරොත්තුව ඇති අනාගතයකි.