1 පේත්‍රෑස් 21-23 දක්වා අපට යේසුස් මෙන් වන්න යයි කැඳවීම ගැන දේවධර්මාචාර්යය බෲස් වෙයාර් කුඩා කාලයේදී කලකිරීමට පත් වුනි. යෞවන කාලයේ ඔහුගේ බලවත් කෝපයන් ගැන “ක්‍රිස්තුස් යේසුස් නම් මනුෂ්‍යයා” යන ග්‍රන්ථයෙහි වෙයාර් ලීවේය. “සාධාරණ නැත. මම තීරණය කළෙමි. විශේෂයෙන් “පාපයක් නොකළ” තැනැත්තා අනුව එන්න කියා ඇති කොටසට”. “මෙය සම්පූර්ණයෙන්ම පුදුමාකාරය. මෙය බැරෑරුම් ලෙස පිළිගන්න යනුවෙන් ඇත්තෙන්ම දෙවියන්වහන්සේ අදහස් කළේ කුමක්දැයි මට කිසිසේත් නොපෙනේ”.

වෙයාර් මෙතරම් බයිබලානුකූල ආභියෝගයක් අධෛර්යමත් ලෙස සළකන්නේ මන්ද කියා මම තේරුම් ගතිමි. පැරණි ගීතිකාවක සඳහන් වන්නේ “යේසුස් වගේ වෙන්න. යේසුස් වගේ වෙන්න. මගේ ආශාව උන්වහන්සේ වගේ වෙන්න” යනුවෙනි. නමුත් වෙයාර් නිවැරදිව සඳහන් කළ පරිදි අපට එසේ කළ නොහැකිය. තනිවම නම් අපට කිසි දිනෙක යේසුස්වහන්සේ මෙන් වීමට නොහැකිය.

කෙසේ වෙතත්, අපි තනිවී නැත. ත්‍රිස්තුස්වහන්සේ අප තුළ සෑදෙන පිණිස දෙවියන්වහන්සේගේ දරුවන්ට ශුද්ධාත්මයාණන් ලබා දී තිබේ (ගලාති 4:19). එම නිසා ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබඳ පාවුල්ගේ විශේෂිත පරිච්ඡේදය කියවද්දී පුදුමයට පත්වීමට අවශ්‍ය නැත. “ මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයාගේ ….. ස්වරූපයට සමාන වෙන්නට පූර්වයෙන් නියම කළ සේක” (රෝම 8:29). උන්වහන්සේගේ ක්‍රියාව අප තුළ සම්පූර්ණ වෙනවා දෙවියන්වහන්සේ දකින සේක. එසේම උන්වහන්සේ එය කරන්නේ අප තුළ ජීවත්වන යේසුස් වහන්සේගේ ආත්මයාණන් කරණකොට ගෙනය.

අප තුළ ආත්මයාණන්වහන්සේගේ ක්‍රියාවන්ට අප යටත් වන විට අපි සැබවින්ම යේසුස්වහන්සේ හා සමාන වන්නෙමු. එය දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ඉමහත් ආශාව බව දැන ගැනීම කතෙරම් සහනයක්ද!