1843 දී “ද ඉකොනොමිස්ට්” සඟරාවට මැගී ෆර්ගියුසන් ලීවේ “එය නිවාස නැතිකම, කුසගින්න හෝ රෝගවලට හෝ වඩා අතීශය ඛේදජනක කරදරයක් විය හැකිය” කියාය. ඇගේ විෂය? තනිකම. යමෙකුගේ සමාජීය හෝ ආරථික හෝ තත්ත්වය නොසළකා තනිකමේ වැඩිවන අනුපාතයන් ෆර්ගියුසන් විස්තර කළේ තනිකමෙන් සිටින විට දැනෙන හැඟිම ගැන හද කම්පා කරවන උදාහරණ ගෙන දක්වමිනි.

තනිකම දැනීමේ වේදනාව අපේ දවසට අලුත් දෙයක් නොවේ. හුදකාලා වීමේ වේදනාව පුරාණ දේශනාකාරයා පොතේ පිටු වලින් දෝංකාර දෙයි. බොහෝ විට සාලමොන් රජුට ආරෝපණය කර ඇති මෙම පොත කිසිදු අර්ථවත් සම්බන්ධතාවයක් නොාමැති බව පෙනෙන අයගේ ශෝකය ග්‍රහණය කරයි (4:7-8). සැළකිය යුතු වස්තුවක් රැස්කර ගත හැකි වූවත් එය බෙදා ගැනීමට කෙනෙක් නොමැති හෙයින් එහි කිසිදු වටිනාකමක් අත්විඳිය නොහැකි බවට කථා නායකයා වැළපෙයි.

එහෙත් කථා නායකයා මිත්‍රත්වයේ සුන්දරත්වයද හඳුනාගෙන ඇති අතර ඔබට තනිවම අත් කර ගත හැකි ප්‍රමාණයට වඩා ඉටුකර ගැනීමට මිතුරන් ඔබට උපකාර කරන බව ලියන්නේය (9 පදය). අවශ්‍ය අවස්ථාවලදී සගයෝ උපකාර කරති (10 පදය). හවුල්කරුවෝ සැනසීම ගෙන එති (11 පදය). එසේම දුෂ්කර අවස්ථාවන් වලදී ආරක්‍ෂාව සැපයීමට මිතුරන්ට පුළුවන (12 පදය).

තනිකම සැළකිය යුතු අරගලයකි. මිත්‍රත්වයේ සහ ප්‍රජාවේ ප්‍රතිලාභ ලබා දීමට සහ ලබා ගැනීමට දෙවියන්වහන්සේ අපව මැව් සේක. ඔබට තනිකම දැනෙනවා නම් අන් අය සමග අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට උපකාර කරන ලෙසට දෙවියන්වහන්සේට යාච්ඤා කරන්න. මේ අතර යේසුස්වහන්සේගේ ආත්මය සෑම විටම අප සමග තිබෙන නිසා ඇදහිලිවන්තයා සැබවින්ම තනිවම නොසිටින්නේය යන යථාර්ථය තුළ දිරිගැන්වීම ලබා ගන්න.