වොරන් දේවස්ථානයක දේවගැතිවරයෙක් වීමට කුඩා නගරයකට ගියේය. ඔහුගේ දේව සේවයේ යම් සාර්ථකත්වයක් ඇති වෙන්න පටන් ගත් කල්හි එක් ප්‍රදේශ වාසියෙක් ඔහුට විරුද්ධ විය. උපාය ශීලීව වොරන්ට එරෙහිව බිහිසුණු චෝදනාවක් එල්ලි කරමින් ඔහු එම කථාව ප්‍රාදේශීය පුවත්පතකට ගෙන ගොස් පත්‍රිකා මුද්‍රණය කර ප්‍රාදේශීය වැසියන්ට තැපෑලෙන් බෙදා හැරීමට කටයුතු කළේය. වොරන් සහ ඔහුගේ බිරිඳ දැඩි ලෙස යාච්ඤා කරන්න පටන් ගත්තේය. බොරුව විශ්වාස කළ හොත් ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වනු ඇත.

දාවිත් රජුද වරක් එවැනිම දෙයක් අත් වින්දේය. ඔහු සතුරෙක්ගේ අපහාස ප්‍රහාරයකට මුහුණ දුන්නේය. “දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය” කියා ඔහු කීවේය (ගීතාවලිය 56:5). මෙම නොකඩවා කෙරෙන පහරදීම නිසා ඔහු භීතියට සහ ශෝකයට පත් විය (8 පදය). නමුත් සටන අතරතුර ඔහු මෙම ප්‍රබල යාච්ඤාව කළේය. “මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි……. මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද” (3-4 පද).

දාවිත්ගේ යාච්ඤාව අපට ආදර්ශයක් විය හැකිය. භිය හෝ චෝදනාවන් ඇති අවස්ථාවන් වලදී අපි දෙවියන් වහන්සේ වෙතට හැරී “මට භිය ඇති කල්හි” යයි කියමු. “මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි” කියා අපගේ සටන දෙවියන්වහන්සේගේ බලවත් හස්තයෙහි තබමු. “මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද” කියමින් උන්වහන්සේ සමග තත්ත්වයට මුහුණ දෙමු. එවිට අපට එරෙහිව ඇති බලයන් කෙතරම් සීමිතද කියා අපට සිහිපත් වනු ඇත.

පුවත්පත වොරන් පිළිබඳ කථාව නොසළකා හැරියේය. කිසියම් හේතුවක් නිසා පත්‍රිකා කිසි විටෙකත් බෙදා හරිනු ලැබුවේ නැත. අද දිනයේ ඔබ භිය වන්නේ කුමණ සටනකටද? ඔබ සමග සටන් කිරීමට උන්වහන්සේ කැමැත්තෙන් සිටින සේක.