1859 ග්‍රීෂ්ම සෘතුවේදී බඳින ලද කඹයකින් නයගරා දිය ඇල්ල තරණය කළ පළමු පුද්ගලයා බවට මොන්සියර් චාර්ල්ස් බ්ලොන්ඩින් පත්විය. ඔහු එය සිය වතාවක් පමණ කරනු ඇත. වරක් ඔහු එය කළේ ඔහුගේ කළමණාකරු හැරී කොල්කෝඩ්ව තමන්ගේ පිටේ තබාගෙනය. බ්ලොන්ඩින් විසින් කොල්කෝඩ්ට මෙම උපදෙස් ලබා දුන්නේය. “මේ බලන්න හැරී…. ඔබ තවදුරටත් කොල්කෝඩ් නොවේ. ඔබ බ්ලොන්ඩින් …. මම එහාට මෙහාට වැනෙන කල ඔබත් මා සමග එසේම වැනෙන්න. ඔබව සමබර කර ගැනිීමට ඔබම උත්සාහ නොකරන්න. ඔබ එසේ කළහොත් අප දෙදෙනාම අපගේ මරණය කරා යනු ඇත”.

අපෝස්තලු පාවුල් තුමා ගලාති ඇදහිලිවන්තයන්ට කෙටියෙන් පැවසුවේ: “ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල නොමැතිව දෙවියන්වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කළ නොහැකිය. නමුත් ශුභාරංචිය මෙන්න – ඔබ එසේ කළ යුතු නැත. දෙවියන්වහන්සේ වෙතට මාර්ගය අපම උපයා ගැනීමට දරණ උත්සාහය කිසි විටෙකත් කළ නොහැකිය. එසේ නම් අපගේ ගැළවීමේදී අප නිෂ්ක්‍රියද? නැත. අපට ඇරයුම් කර ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේට බැඳී සිටීමටය. යේසුස්වහන්සේට බැඳී සිටීම යනු පැරණි ස්වාධීන ජීවන රටාවක් මරණයට පත් කිරීමයි. එය හරියටම අපි අපටම මැරුණාක් මෙන්ය. නමුත් අපි තවත් ජීවත්වන්නෙමු. “නමුත් අප දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය අපට ප්‍රේම කළාවූ අප උදෙසා තමන්ම පාවා දුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමු” (ගලාති 2:20).

අද අපි තදින් බැඳුණු කඹයකින් ගමන් කරන්නේ කොහාටද? කඹය දිගේ උන්වහන්සේ වෙතට එන ලෙසට දෙවියන්වහන්සේ අපව කැඳවා නැත. උන්වහන්සේ අපව කැඳවූයේ උන්වහන්සේට බැඳී සිටිමින් මෙම ජීවිතය උන්වහන්සේ සමග ගෙන යන ලෙසටයි.