“කාලය ගෙවී ගියේය. යුද්ධය පැමිණියේය.” දකුණු සුඩානයේ කෙලිකෝ වැසියන්ගේ රදගුරු සෙමි නිගෝ තම සභාවෙන් තමන්ගේම භාෂාවෙන් බයිබලය ලබාගැනීමේ දීර්ඝ අරගලයේ ප්‍රමාදයන් විස්තර කළේ එළෙසිනි. ඇත්ත වශයෙන්ම, එක වචනයක්වත් කෙලිකෝ භාෂාවෙන් මුද්‍රණය කර නැත. දශක ගණනාවකට පෙර, බිෂොප් නිගෝ ගේ සීයා ධෛර්ය සම්පන්නව බයිබල් පරිවර්තන ව්‍යාපෘතියක් ආරම්භ කළ නමුත් යුද්ධය හා නොසන්සුන්තාවය නිසා එම උත්සාහය නතර විය. එහෙත්, උතුරු උගැන්ඩාවේ සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඔවුන්ගේ සරනාගත කඳවුරුවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කළද, බිෂොප්තුමා සහ සෙසු ඇදහිලිවන්තයන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකව පවත්වාගත්හ.

ඔවුන්ගේ නොපසුබට උත්සාහය සාර්ථක විය. දශක තුනකට ආසන්න කාලයකට පසු, කෙලිකෝහි අලුත් ගිවිසුමේ බයිබලය උත්කර්ෂවත් උත්සවයකදී සරණාගතයින්ට ලබා දෙනු ලැබුවේය. “කෙලිකෝ වැසියන් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට තිබූ පෙළඹවීම වචනවලින් කිව නොහැක” යයි එක් ව්‍යාපෘති උපදේශකවරයෙක් පැවසීය.

කැලිකෝ ජනයාගේ කැපවීම, දෙවියන්වහන්සේ යෝෂුවාගෙන් ඉල්ලා සිටි නොපසුබස්නා උත්සාහය පිළිබිඹු කරයි. දෙවියන්වහන්සේ ඔහුට පැවසූ පරිදි, “මේ ව්‍යවස්ථා පොත නිතරම ඔබේ තොල් මත තබාගන්න. දිවා රෑ මෙනෙහි කරන්න. එවිට එහි ලියා ඇති සෑම දෙයක්ම කිරීමට ඔබ පරිස්සම් වන්න. එවිට ඔබ සමෘධිමත් හා සාර්ථක වනු ඇත”(යොෂුවා 1:8). කෙලිකො ජනයා එක හා සමාන උත්සාහයකින් යුතුව ශුද්ධ ලියවිල්ල පරිවර්තනය කළහ. දැන්, “ඔබ ඔවුන්ව කඳවුරුවල දකින විට ඔවුන් සිනාසෙයි” කියා එක් පරිවර්තකයෙක් පැවසීය. බයිබලය ඇසීම හා තේරුම් ගැනීම “ඔවුන්ට බලාපොරොත්තුවක් ලබා දෙය.ි” කෙලිකෝ ජනයා මෙන්, අපි කිසිවිටෙකත් ශුද්ධ ලියවිල්ලේ බලය හා ප්‍රඥාව සෙවීම අත්නොහරිමු.