පූර්ණ ශක්තියෙන් යුත් පෙර පාසැල් යන මගේ පුතා වන සේවියර් දහවල් කාලයේ විවේක ගැනීම මඟහැරියේය. නිශ්චලව සිටීම හේතුවෙන්, අවශ්‍ය නොවූ, එහෙත් බෙහෙවින් අවශ්‍ය නින්දකට යා හැක. ඉතින්, මගේ පුතා අසුනේ එහාට මෙහාට දැඟලීම, සෝෆා එකෙන් ලිස්සා යාම, ලී වලින් සාදා තිබූ පොළොව හරහා දිවීම සහ නිහඬතාවයෙන් මිදීම සඳහා කාමරය පුරා පෙරළීම වැනි දේ කිරීමෙන් තමාගේ විවේක කාලයෙන් මඟහැරීමට උත්සාහ කරයි. “අම්මේ මට බඩගිනියි…. මට තිබහයි…. මට නාන කාමරයට යා යුතුයි…. මාව බදාගන්න” යන දේවල් කියයි.

නිශ්චලතාවයේ වාසි අවබෝධ කරගනිමින්, සේවියර්ට සුවපහසුවෙන් හා උණුසුමට මගේ පැත්තට හේත්තු වෙලා ඔහුට නිදාගන්නට මම ඉඩ දෙනවා.

මගේ අධ්‍යාත්මික ජීවිතයේ මුල් අවධියේදී, මගේ පුතා ක්‍රියාශීලිව සිටීමට ඇති ආශාව මමද පිළිබිඹු කළෙමි. කාර්යබහුලකම නිසා අනෙක් අය තුළ මා කෙරෙහි පිළිගැනීමක් තිබුණු බවට මට හැඟී ගියා, ඒ වගේම මා වැදගත් සහ සියලු දේ පාලනය කළ හැකි යයි හැඟී ගිය අතර, ශබ්ද හේතුවෙන් මට මගේ අඩුපාඩු හා පරික්‍ෂාවන් ගැන අවධානය යොමු කිරීමෙන් වැළකී ගියා. විවේකයට යටත් වීම මගේ දුර්වල මනුෂ්‍යත්වය තහවුරු කළේය. ඒ නිසා මම නිශ්ශබ්දතාවයෙන් හා නිශ්චලතාවයෙන් වැළකී, මගේ උදව් නැතුව දෙවියන්වහන්සේට කිසිම දෙයක් කිරීමට අපහසුයි කියා මම සිතුවෙමි.

අප වටා කොපමණ කරදර හෝ අවිනිශ්චිතතාවයන් තිබුණත් උන්වහන්සේ අපේ රැකවරණයයි. ඉදිරි මාවත දිගු වූවත්, බියජනක හෝ අතිමහත් බවක් පෙනෙන්නට තිබුණත් උන්වහන්සේගේ ප්‍රේමය අපව ආවරණය කරයි. උන්වහන්සේ අපට ඇහුම්කන් දෙයි, අපට පිළිතුරු දෙයි, අප සමඟ නැවතී සිටියි….. දැන් සහ සදාකාලයටම (ගීතාවලිය 91).

අපට නිහඬතාවය වැළඳගෙන දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමයට හා නිරන්තර පැමිණීමට නැඹුරු විය හැකිය. උන්වහන්සේගේ නොවෙනස්ව පවතින විශ්වාසවන්තකමේ රැකවරණය යටතේ අප සුරක්‍ෂිතව සිටින නිසා අපට නිශ්චලව උන්වහන්සේ තුළ විවේක ගත හැකිය (4 පදය).