වසන්ත කාලයට රෝපනය කිරීම සඳහා මම වත්ත සුද්ද කරමින් සිටියදී, ශීත සෘතුවේ වල් පැලෑටි විශාල ප්‍රමාණයක් ඇද දැම්මා…. මම ඒ අවස්ථාවේ භයවී උඩපැන්නා! විෂ සහිත තඹ හිස සර්පයෙක් මගේ අත ළඟ පහලින් සැඟවී සිටියා – තව අඟලක් පහලින් වල් පැල පඳුර ඇල්ලුවා නම් මම වැරදීමෙන් ඌ අල්ලාගන්නවා. මම පඳුර ගොඩගත් සැණෙන්ම උගේ වර්ණවත් සළකුණු දුටුවෙමි. උගේ ඇඟෙ ඉතිරි කොටස මගේ පාද අතර වල් පැලෑටි අතර දඟර ගැසී තිබුණි.

මගේ පාද අඩි කීපයක් ඈතින් බිමට පතිතවූ විට මාව සපා කෑමට ලක් නොවීම ගැන දෙවියන්වහන්සේට ස්තුති කළෙමි. මා නොදැකපු බොහෝ භයානක අවස්ථාවලින් උන්වහන්සේ කොපමණ මා ආරක්‍ෂා කර ඇත්දැයි මම කල්පනා කළා.

දෙවියන්වහන්සේ තම සෙනඟ ගැන විමසිලිමත් වන සේක. පොරොන්දු දේශයට ඇතුල්වීමට පෙර මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කීවේය: “ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ගොස් ඔබ සමඟ සිටිනු ඇත. උන්වහන්සේ කිසි විටෙකත් ඔබ අත්නොහරින්නේය, ඔබෙන් ඉවත් වන්නේ නැත. බිය නොවන්න; අධෛර්යමත් නොවන්න” (ද්විතීය කථාව 31:8). ඔවුන්ට දෙවියන්වහන්සේ නොපෙණුනත්, උන්වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.

සමහර විට අපට නොතේරෙන දුෂ්කර දේවල් අපට සිදුවේ, නුමුත් අප නොදැනුවත්වම දෙවියන්වහන්සේ අපව ආරක්‍ෂා කර ඇති වාර ගණන ගැනද අපට සිතා බැලිය හැකිය!

උන්වහන්සේගේ පරිපූර්ණ, විධිමත් සැළකිල්ල සෑම දිනකම උන්වහන්සේගේ සෙනඟ කෙරෙහි පවතින බව ශුද්ධ ලියවිල්ල අපට මතක් කර දෙයි. ස්වාමින්වහන්සේ සැම විටම අප සමඟ සිටියි (මතෙව් 28:20).