පුරාවෘතයට අනුව, බි්‍රතාන්‍යයේ සිටි සංගීත මඟපෙන්වන්නෙක් වන ශ්‍රීමත් තෝමස් බීචම් වරක් හෝටලයක ආලින්දයේ කැපී පෙනෙන පෙනුමක් ඇති කාන්තාවක් දුටුවේය. ඔහු ඇයව හඳුනන බව විශ්වාස කර නමුත් ඇගේ නම මතක නැති නිසා ඇය සමඟ කථා කරන්නට නැවතුණේය. දෙදෙනා කථාබහ කරමින් සිටියදී, ඇයට සහෝදරයෙකු සිටි බව ඔහුට යාන්තම් සිහිපත් විය. හෝඩුවාවක් බලාපොරොත්තුවෙන් ඇගේ සහෝදරයා කරන්නේ කුමක්ද සහ ඔහු තවමත් එකම රැකියාවක නිරත වන්නේද යන්න ඔහු ඇගෙන් ඇසුවා. “ඔව් ඔහු හොඳින,්” ඈ කීය, “සහ තවමත් රජ.”

ශ්‍රීමත් බීචම්ට මෙන් වැරදි හඳුනාගැනීමක් පිළිබඳ සිද්ධියක් කෙනෙක්ව අපහසුතාවයට පත් කළ හැක. නමුත් යේසුස්වහන්සේගේ ගෝළයෙක් වූ පිලිප්ට මෙන්, වෙනත් අවස්ථාවලදී එය වඩාත් බැරෑරුම් විය හැක. ශ්‍රාවකයා යේසුස්වහන්සේ දැන සිටි නමුත් උන්වහන්සේ කවුදැයි ඔහු සම්පූර්ණයෙන් අගය කර සිටියේ නැත. ඔහුට අවශ්‍ය වූයේ යේසුස්වහන්සේට “පියාණන්වහන්සේව ඔවුන්ට පෙන්වීමටය”. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින් “මා දුටු ඔනෑම කෙනෙක් පියාණන්වහන්සේ දැක ඇතැ” යි කී සේක (යොහන් 14:8-9). දෙවියන්වහන්සේගේ අද්විතීය පුත්‍රයා ලෙස, යේසුස්වහන්සේ පියාණන්වහන්සේව ඉතා හොඳින් හෙළි කරයි. එනම්, යේසුස්වහන්සේව දැනගැනීමෙන් පියාණන්වහන්සේව හඳුනාගත හැක (යොහන් 14:10-11).

දෙවියන්වහන්සේගේ චරිතය, පෞරුෂය හෝ අන් අයගෙන් ඔබ්බට ඇති සැළකිල්ල කෙබඳු දැයි අප කවදා හෝ කල්පනා කරන්නේ නම්, අපට කරන්නට ඇත්තේ යේසුස්වහන්සේ දෙස බැලීම පමණි. යේසුස්වහන්සේගේ චරිතය, කරුණාව, ප්‍රේමය සහ දයාව දෙවියන්වහන්සේගේ චරිතය හෙළි කරයි. අපගේ පුදුමාකාර දෙවියන්වහන්සේ තේරුම්ගැනීම අපගේ සම්පූර්ණ අවබෝධයෙන් ඔබ්බට ගියද, යේසුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේව එළිදරව් වීම අපට ඉමහත් ත්‍යාගයකි.