චීන පුරාවෘත්තියට අනුව, සායි වෙන්ග්ට ඔහුගේ වටිනා අශ්වයකු අහිමි වූ විට, ඔහුගේ අසල්වැසියා ඔහුගේ අහිමිවීම ගැන ශෝකය ප්‍රකාශ කළේය. නමුත් සායි වෙන්ග් ඒ ගැන සැළකුවේ නැත. ඔහු පැවසුවේ, “එය මට හොඳ දෙයක් විය හැකි දැයි කවුද දන්නෙ?” පුදුමයට කරුණක් නම් නැතිවූ අශ්වයා වෙනත් අශ්වයකු සමඟ ආපසු නිවසට පැමිණීමයි. අසල්වැසිය ඔහුට සුභපැතූ විට, සායි වෙන්ග්, “ එය මට නරක දෙයක් විය හැකි දැයි දන්නෙ කවුද?” තම පුතා නව අශ්වයා පිට නැඟී යන විට වැටීම හේතුවෙන් කකුළ කැඩුණේය. යුද්ධයට සටන් කිරීම සඳහා සියලු ශාරිරිකව ශක්තිමත් පුරුෂයින් බඳවා ගැනීමට හමුදාව ගමට පැමිණෙන තෙක් මෙය අවාසනාවක් සේ පෙණුනි. පුතාගේ තුවාල නිසා ඔහු බඳවා නොගත් අතර සමහර විට අවසානයේ ඔහුව මරණින් බේරාගැනීමට හැකි වනු ඇත.

දුෂ්කරතාවක,් වෙස්වලාගත් ආශිර්වාදයක් විය හැකි බව හෝ ආශිර්වාදයක්, වෙස්වලාගත් දුෂ්කරතාවක් විය හැකි බව යන්න චීන හිතෝපදේශය පිටුපස ඇති කථාව මෙයයි. මෙම පුරාණ ප්‍රඥාවේ සමීප සමාන්තරයක් දේශනාකාරයා 6:12 හි ඇත. එහි කතුවරයා මෙසේ නිරීක්‍ෂණය කරයි, “ජීවිතයෙහි පුදගලයෙකුට හොඳට තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද?” ඇත්ත වශයෙන්ම අනාගතය කෙබඳු වේදැයි අප කිසිවෙකු දන්නේ නැත. විපත්තියට ධනාත්මක ප්‍රතිලාභ ලැබිය හැකි අතර සමෘද්ධිය අයහපත් ප්‍රතිඵල ඇති කළ හැකිය.

සෑම දිනක්ම නව අවස්ථා, ප්‍රීතිය, අරගල සහ දුක් වේදනා ලබා දෙයි. දෙවියන්වහන්සේගේ ආදරණීය දරුවන් වශයෙන් අපට උන්වහන්සේගේ පාලනය තුළ රැඳී සිටිමින් යහපත් හා අයහපත් කාල වලදී උන්වහන්සේව විශ්වාස කළ හැකිය. “දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේය” (දේශනාකාරයා 7:14). උන්වහන්සේ අපගේ ජීවිතයේ සියලු සිදුවීම් වලදී අප සමඟ සිටින අතර උන්වහන්සේගේ ආදරණීය රැකවරණය පොරොන්දු වන සේක.