“ස්වාමින්වහන්සේ මගේ උස් කුළුණයි…… අපි කඳවුරෙන් පිටව ගියේ ගායනා කරමින්.” 1943 සැප්තැම්බර් 7 වන දින එටී හිලෙසම් එම වචන තැපැල් පතක ලියා එය දුම්රියෙන් පිටතට වීසි කළාය. ඇයගෙන් අපට ලැබෙන අවසාන සටහන් කළ වචන ඒවාය. 1943 නොවැම්බර් 30 වන දින අවුෂ්විට්ස් හි දී ඇය ඝාතනය කරන ලදී. පසුව, ගාල් කඳවුරකදී (නාට්සි වාදයට විරුද්ධවූ අයව හිරකර තැබූ බන්ධනාගාරය) හිලෙසම්ගේ අත්දැකීම් පිළිබඳ දිනපොත පරිවර්තනය කර ප්‍රකාශයට පත්කරන ලදී. නාට්සි වාඩිලෑමේ භීෂණය පිළිබඳ ඇයගේ ආකල්ප දෙවියන්වහන්සේගේ ලෝකයේ සුන්දරත්‍වය සමඟ මුසුකර එහි විස්තර කර තිබුණි. ඇගේ දිනපොත භාෂා හැටහතකට පරිවර්තනය කර ඇත. මෙය කියවා යහපත සහ අයහපත යන දෙකම විශ්වාස කරන සැමට තෑග්ගකි.

යොහන් අපොස්තුළුතුමා යේසුස්වහන්සේගේ මිහිපිට ජීවිතයේ කටුක යථාර්ථයන් නොසළකා හැරියේ නැත. ස්වාමින් වන යේසුස්වහන්සේ කළ යහපත් දේ සහ ස්වාමින්වහන්සේ මුහුණ දුන් අභියෝග යන දෙකම ගැන ඔහු ලිවීය. ඔහුගේ ශුභාරංචියේ අවසන් වචන ඔහුගේ නම දරන පොත පිටුපස ඇති අරමුණ පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. යේසුස්වහන්සේ “තවත් බොහෝ හාස්කම් තමන්වහන්සේගේ ගෝළයන් ඉදිරියෙහි කළ සේක. නමුත් මේවා මෙම පොතෙහි වාර්තා කර නැත” (20:30) කියා ශු. යොහන් අපොස්තුළුතුමා කියයි. නමුත් මේවා ලියා ඇත්තේ “ඔබ විශ්වාස කරන පිණිස” (31 පදය). ශු. යොහන්ගේ “දිනපොත” ජයග්‍රාහි සටහනකින් මෙසේ අවසන් වේ: “ස්වාමින් වන යේසුස්වහන්සේ මෙසියස් වන අතර දෙවියන්වහන්සේගේ පුත්‍රයාය.” එම ශුභාරංචි වචන යන ත්‍යාගය අපට විශ්වාස කිරීමට සහ “උන්වහන්සේගේ නාමයෙන් ජීවත් වීමට” අවස්ථාව ලබා දෙයි.

ශුභාරංචි පොත් යනු දෙවියන්වහන්සේ අප කෙරෙහි දක්වන ප්‍රේමය පිළිබඳ දිනපොත් ය. ඒවා කියවීමට, විශ්වාස කිරීමට හා බෙදාගැනීමට වචන වෙයි. මන්ද ඒවා අපව ජීවිතයට ගෙන යයි. ඒ වචන අපව ක්‍රිස්තුස්වහන්සේ වෙතට ගෙන යයි.