අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන ඔහයිඔ හි සින්සිනාටි නම් නගරයේ, බර වැඩ කරන මිනිසුන් ජීවත්වන ප්‍රදේශයකි. සාමාන්‍ය ජනයාගේ “ඔවර් ද රයින්” (Over the Rhine) නමින් හඳුන්වන ලද සංගීත කණ්ඩායම විසින් සෑම වසරකම නගරයේ සිදුවන පරිවර්තනයක් ගැන ගායනා කරයි.
“වසරේ පළමු සැබෑ හිමවැස්ස වැටුන සෑම විටකම, පරිශුද්ධ යමක් සිදුවනවා වාගේ දැණුනා”, සංගීත කණ්ඩායමේ සම-නිර්මාතෘ ලින්ෆර්ඩ් ඩෙට්වයිලර් පැහැදිලි කරයි. “ටිකක් නැවුම් ආරම්භයක් වගේ. නගරය මන්දගාමි වී නිහඬ වී යයි”.

ඔබ අධික හිම පතනයක් දැක තිබේ නම්, එය ගීතයකට ආස්වාදයක් ලබන්නේ කෙසේද කියා ඔබට වැටහේ. හිම වැස්ස කුණු සහ දූවිල්ල මත වැටී ඒවා සඟවන විට පුදුමාකාර නිශ්ෂබ්දතාවයකින් මුළු ලොකයම වසාගන්නවා. සුළු මොහොතකට ශීත සෘතුවේ අඳුරු පැහැය දීප්තිමත් වෙමින්, අපගේ මෙනෙහි කිරීම හා සතුටට ආරාධනා කරයි.

දෙවියන්වහන්සේ ගැන ප්‍රයෝජනවත් දෘෂ්ඨියක් තිබූ යෝබ්ගේ එකම මිතුරා එලිහු වෙන්නට ඇති. මැවීම, අපගේ අවධානය ඇදගන්නා ආකාරය ඔහු සඳහන් කළේය. “දෙවියන්වහන්සේගේ හඬ පුදුමාකාර ලෙස ගිගුරුම් දෙයි” කියා ඔහු කියයි (යෝබ් 37:5). දෙවියන්වහන්සේ හිම වලට “පොළොව මත වැටෙන්න” කියාත් වැස්සට “බලවත් වර්ෂාවක් වන්න” කියාත් පවසයි. පරිශුද්ධ විරාමයක් ඉල්ලමින් එවැනි තේජසක් අපගේ ජීවිතවලට බාධා ඇති විය හැකිය. “සමිඳාණන්වහන්සේ විසින් සෑම කෙනෙකුම උන්වහන්සේගේ ක්‍රියා දැනගන්නා පිණිස, උන්වහන්සේ සියළු මිනිසුන්ගේ වැඩ නවත්වයි,” එලිහු නිරීක්‍ෂණය කළේය (6-7 පද).

සොබාදහම සමහර විට අප අකැමැති ආකාරවලින් අපගේ අවධානය ග්‍රහණය කරගනියි. අපට සිදුවන දේ හෝ අප අවට නිරීක්‍ෂණය කරන දේ කුමක් වූවත්, සෑම මොහොතකටම – විශ්මය ජනක, භයානක හෝ ඒකාකාරි – අපගේ නමස්කාරය දිරිගැන්විය හැකිය. අප තුළ සිටින කවියාගේ හදවත ඒ ශුද්ධවූ හුස්මට ආශා කරයි.