මෑතකදී මා දුටු රූපවාහිනි වෙළඳ දැන්වීමක, කාන්තාවක්, රූපවාහිණිය නරඹන කණ්ඩායමක කෙනෙක්ගෙන් අසනවා, “ඔබ සොයන්නේ කුමක්ද, මාක්?” ඔහු රූපවාහිනියෙන් නරඹන්නට කැමති දේ පිළිබඳ ඇය අසන බව නොදැන, “භීතිය මත පදනම්ව තීරණ නොගන්නා මගේම අනුවාදයක්” කියා ඔහු සන්සුන්ව ප්‍රතිචාර දක්වයි.

මම පුදුමයට පත්වුනෙමි. මොකද, රූපවාහිනි වෙළඳ දැන්වීමක් මට මෙතරම් තදින් පහරදෙනු ඇතැයි මම අපේක්‍ෂා නොකරපු නිසා! නමුත් මම, අසරණ වූ මාක් සමඟ සම්බන්ධ වුනා: බය සමහර විට මගේ ජීවිතය මෙහෙයවන ආකාරය ගැන මටත් ලැජ්ජාවක් දැනෙනවා.

යේසුස්වහන්සේගේ ගෝළයන්ද භීතියේ ගැඹුරු බලය අත්වින්දෝය. වරක්, ඔවුන් ගලීල මුහුද හරහා යද්දී (මාර්ක් 4:35) “දරුණු කුණාටුවක් ඇති විය” (37 පදය). භීෂනය ඔවුන්ව ග්‍රහනය කරගත් අතර, ඔවුන් යෝජනා කළේ නිදාගෙන සිටි යේසුස්වහන්සේ ඔවුන් ගැන සැළකිල්ලක් නොදක්වන බවයි: “ආචාරිනි, අපි දියේ ගිලී ගියත් ඔබට කමක් නැද්ද?” (38 පදය).

භීතිය, ගෝළයන්ගේ දර්ශනය විකෘති කළ අතර, යේස්ස්වහන්සේගේ යහපත් චේතනා ඔවුන් දුටුවේ නැත. උන්වහන්සේ සුළඟට හා රැළ්ලට තරවටු කිරීමෙන් පසු (39 පදය), ක්‍රිස්තුස්වහන්සේ ගෝළයන්ගෙන් සිත පසාරු කරගෙන යන ප්‍රශ්න දෙකක් ඇසූ සේක: “ඔබ මෙතරම් බියවන්නේ ඇයි? ඔබට තවමත් විශ්වාසයක් නැද්ද?” (38 පදය).

අපේ ජීවිතවලත් කුණාටු ඇතිවෙනවා නේද? නමුත් යේසුස්වහන්සේ ගෝළයන්ගෙන් ඇසූ ප්‍රශ්න දෙක අපගේ බිය තේරුම් ගැනීමට උපකාරි වේ. උන්වහන්සේගේ පළමු ප්‍රශ්නය අපගේ බිය කුමක්ද කියා දැනගැනීමට අපට ආරාධනා කරයි. දෙවැන්න, එම විකෘති හැඟීම් උන්වහන්සේට බාර දෙන ලෙසට අපට ආරාධනා කරයි – ජීවිතයේ දරුණුතම කුණාටුවලින් පවා උන්වහන්සේ අපට මඟපෙන්වන්නේ කෙසේදැයි බැලීමට අපගේ නෙත් විවෘත කරන්න කියා ඉල්ලා සිටිමු.