දශක ගණනාවකට පෙර වෛද්‍ය ජෙරි මොටෝ “සැළකිලිමත්කමේ ලිපියක” බලය අවබෝධ කරගත්තේය. ඔහුගේ පර්යේෂණයෙන් හෙළි වූයේ, සිය දිවි නසාගැනීමට තැත් කළ රෝගීන් රෝහලෙන් පිටවූ පසු සැලකිලිමත්කම දක්වන විශේෂ ලිපියක් යැවීමෙන් නැවත එසේ කිරීමේ ප්‍රවනතාව අඩකින් අඩු වූ බවයි. දැඩි මානසික අවපීඩනයෙන් පෙළෙන අයට පසුවිපරම් ප්‍රතිකාරයක් ලෙස “ සැළකිලිමත්කමේ ” පණිවුඩ, තැපැල් පත් සහ සමාජ මාධ්‍ය තුළින් දිරිමත් වචන යැවීම තුළින් සෞඛ්‍ය සේවා සපයන්නන් විසින් මෙම බලය නැවත සොයාගෙන ඇත.

බයිබලයේ ඇති “පොත්” විසි එකක් ඇත්ත වශයෙන්ම විවිධ හේතු නිසා අරගල වලට මුහුණ දුන් පළමු සියවසේ ඇදහිලිවන්තයන්ට ලියන ලද සැළකිලිමත්කමේ ලිපි වෙයි. පාවුල්, යාකොබ් සහ යොහන් යන ප්‍රේරිතයන් ඇදහිල්ලේ හා නමස්කාරයේ මූලික කරුණු සහ ගැටුම් නිරාකරණය කර සමඟිය ගොඩනඟන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා ලිපි ලීවේය.

කෙසේවෙතත්, අපොස්තුළු පේතෘස් තුමා, රෝම අධිරාජ්‍යයා වූ නීරෝ විසින් පීඩා කරනු ලැබූ ඇදහිලිවන්තයන්ට විශේෂයෙන් ලිවීය. 1 පේතෘස් 2:9 හි “ නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය” යනුවෙන් එතුමා දෙවියන්වහන්සේට ඔවුන් සම්බන්ධයෙන් ඇති සහජ වමිනාකම ගැන මතක් කර දුන්නේය. මෙම ලිපි තුළින්, ඔවුන්ගේ ලෝකය තුළ, දෙවියන්වහන්සේගේ උතුම් අරමුණ දෙසට ඔවුන් යොමු කළහ:
“අන්ධකාරයෙන්, උන්වහන්සේගේ පුදුමාකාර ආලෝකයට ඔබව කැඳවූ තැනැන්වහන්සේගේ ප්‍රශංසාව (අන්ධකාර ලෝකයට) ප්‍රකාශ කරන පිණිසය.”

අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේම අපට ලියන ලද ශුද්ධ ලියවිල්ල සැළකිලිමත්කමේ ලිපි වලින් පිරුණු පොතකි. ඒවා දේවානුභාවයෙන් ලියන ලද ලිපි වන්නේය. උන්වහන්සේ අපට පවරා ඇති වටිනාකම පිළිබඳ වාර්ථාව (ශු. බයිබලය) නිරන්තරයෙන් අප සතුව තිබෙණ පිණිස එසේ කර ඇත. අපි උන්වහන්සේගේ ලිපි දිනපතා කියවා යේසුස්වහන්සේ දෙන බලාපොරොත්තුව අවශ්‍ය අය සමඟ බෙදාගනිමු.