පිලිප් යැන්සි සමඟ සම-රචනා කළ ‘Fearfully and Wonderfully Made’ (බියෙන් හා පුදුමයෙන් සාදන ලදී) යන පොතෙහි ආචාර්ය පෝල් බ්‍රෑන්ඩ් මෙසේ නිරීක්‍ෂණය කරයි – “හමිං කුරුල්ලෙකුගේ හදවත අවුන්ස භාගයක් බරින් යතුව විනාඩියකට අටසිය වතාවක් ස්පන්දනය වෙයි; නිල් තල්මසෙකුගේ හදවත ටොන් භාගයක් බරයි, විනාඩියකට දස වතාවක් ස්පන්දනය කරන අතර එය සැතපුම් දෙකක් ඈතින් අසෙනු ඇත. ඒ දෙකටම හාත්පසින් වෙනස්ව, මිනිස් හදවත දුර්වල ලෙස ක්‍රියාකරන බවක් පෙනෙන්නට තිබුණද, එය සිය කාර්යය ඉටු කරමින් දිනකට 100,000 වතාවක් (විනාඩියකට 65-70 වතාවක්) විවේකයකින් තොරව ස්පන්දනය වෙයි. මෙසේ කරන්නේ අපගෙන් වැඩි දෙනෙක් අවුරුදු හැත්තෑවක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් කරගැනීමටයි.”

විස්මයට පත්කරන හදවත ජීවිතය තුලින් අපව තරයේම බලගන්වයි. එය අපගේ සමස්ත අභ්‍යන්තර යහපැවැත්ම සඳහා උපමා වාක්‍යයක් බවට පත්ව ඇත. එහෙත්, අපගේ වචනාර්ථමය හා රූපක හදවත් යන දෙකම අසාර්ථක වීමේ අවදානමක් ඇත. අපට කුමක් කළ හැකිද?

ඉශ්‍රායෙල්හි නමස්කාර නායකයෙකු වන ගීතිකාකරු අසාෆ්, 73 වන ගීතාවලියේ ලියා ඇත්තේ, සැබෑ ශක්තිය කොහේදෝ සිට ලැබෙන බව පිළිගනියි – යම් කෙනෙකුගෙන් බව. ඔහු මෙසේ ලිවීය, “මාගේ මාංසය හා සිත අසාර්ථක විය හැක, නමුත් දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියයි, මාගේ කොටස සදහටම පවතින්නේය” (26 පදය). අසාෆ් නිවැරදියි. ජීවමාන දෙවියන්වහන්සේ අපගේ සම්පූර්ණ හා සදාකාලික ශක්තියයි. ස්වර්ගයේ හා පෘථිවියේ නිර්මාතෘවරයා වශයෙන්, උන්වහන්සේගේ පරිපූර්ණ බලයට කිසිදු සීමාවන් නොමැත.

අපගේ දුෂ්කරතා හා අභියෝගාත්මක කාළ වලදී, අසාෆ් තමාගේම අරගල තුලින් ඉගෙන ගත් දේ අපට සොයා ගත හැකිය: දෙවියන්වහන්සේ අපගේ හදවත්වල සැබෑ ශක්තියයි. අපට සෑම දිනකම එම ශක්තියෙන් විවේක ගත හැකිය.