එක්සත් ජනපදයේ ජනප්‍රිය රූපවාහිනී කුෂලතා තරඟයක් වන “අමෙරිකාස් ගොට් ටැලන්ට්” හි කථාංගයක් අතරතුර, පස් හැවිරිදි දැරියක් එතරම් ප්‍රීතියෙන් ගායනා කළ අතර විනිසුරුවරයෙක් ඇයව 1930 ගණන්වල ප්‍රසිද්ධ ළමා ගායිකාවක් හා නර්තන ශිල්පිනියක් සමඟ සංසන්දනය කළේය. ඔහු කියා සිටියේ “මම හිතන්නෙ ශර්ලි ටෙම්පල් ඔබ තුළ කොකැනක හෝ ජීවත්වන බවයි.” ඇගේ අනපේක්‍ෂිත ප්‍රතිචාරය වූයේ: “ ශර්ලි ටෙම්පල් නොවේ, යේසුස්!”

ඇගේ ප්‍රීතිය ලැබුනේ ඇය තුළ ජීවත්වන යේසුස්වහන්සේගෙන් බව දැරියගේ ගැඹුරු අවබෝධය ගැන මම පුදුමයට පත් වීමි. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ට දෙවියන්වහන්සේ සමඟ සදාකාල ජීවනය පිළිබඳ පොරොන්දුව ලැබෙනවා පමණක් නොව, යේසුස්වහන්සේගේ ආත්මයාණන් කරනකොටගෙන ඔවුන් තුළ ජීවත් වන බව ශුද්ධ ලියවිල්ල අපට සහතික කරයි – අපගේ හදවත් යේසුස්වහන්සේගේ නිවස බවට පත්වේ (කොලොස්සි 1:27;එපීස 3:17).

අපගේ හදවත් තුළ යේසුස්වහන්සේගේ පැමිණ සිටීම නිසා ස්තුති කිරීමට හේතු ගණනාවක් ඇත (කොලොස්සි 2:6-7). යේසුස්වහන්සේ තුළින් අරමුණ හා ශක්තියෙන් ජීවත්වීමේ හැකියාව ගෙන දෙයි (කොලොස්සි 1:28-29). සතුටුවන වේලාවන් සහ අරගල කාලයන් යන දෙකෙහිම උන්වහන්සේ අපගේ හදවත් තුළ ප්‍රීතිය වර්ධනය කරන සේක (පිලිප්පි 4:12-13). අපට නොපෙනෙන විට පවා දෙවියන්වහන්සේ සියල්ල යහපත උදෙසා ක්‍රියා කරන බවට ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය අපගේ හදවතට බලාපොරොත්තුවක් සපයයි (රෝම 8:28). අප වටා ඇති අවුල් සහගත තත්ත්‍වයන් නොසළකා ආත්මයාණන්වහන්සේ සමාදානය ලබා දෙයි (කොලොස්සි 3:15).

අපගේ හදවත් තුළ ජීවත්වන යේසුස්වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයත් සමඟ, උන්වහන්සේ අප තුළ ජීවත්වන නිසා, අපගේ ජීවිත බබළන අතර එය අන් අයද හඳුනා ගනියි.