සමහර කාලවල් වලදී උතුරු අමෙරිකාවේ රළු සොනොරන් කාන්තාරයේ රෑ යාමයේ ඉතා සියුම්, උස් හඬක් ඇසිය හැක. නමුත් ඔබ බොහෝ විට ශබ්දයේ මූලාශ්‍රය ගැන සැක නොකරනු ඇත – කුඩා නමුත් බලවත් රෝඩන්ට් – මීයන් වැනි සත්ව වර්ගයක් (Grasshopper Mouse), භූමි ප්‍රදේශය ස්ථාපිත කිරීම සඳහා සඳට කෑගසන හඬයි.

මෙම අද්විතීය මීයන් ද මාංශභක්‍ෂක වේ (Werewolf Mouse ලෙසද හැඳින්වේ). වෙනත් සතුන් ළඟාවෙන්න අකැමැති ගෝනුස්සන් වැනි සත්ත්‍වයන් ඔවුන් ගොදුරක් කරගනියි. මෙම මීයා එම සුවිශේෂී සටන සඳහා අද්විතීය ලෙස සූදානම්ව සිටියි. එය ගෝනුස්සන්ගේ විෂට ප්‍රතිරෝධයක් දක්වනවා පමණක් නොව, විෂ ද්‍රව්‍ය වේදනා නාශකයක් බවට පරිවර්තනය කරන්නටද හැකිය!

මෙම කුඩා රෝඩන්ට් නැමති මීයා, එහි රළු පරිසරය තුළ නොනැසී පැවතීමට හා වර්ධනයට සරිලන සේ සකසා ඇති ආකාරය ගැන සිත්ගන්නාසුළු යමක් තිබේ. පාවුල් තුමා එපීස 2:10 හි පැහැදිලි කරන පරිදි, ඒ ආකාරයේ පුදුමාකාර ශිල්පීය හැකියාවන් දෙවියන්වහන්සේගේ සෙනඟ උදෙසා නාර්මාණය කර ඇති ආකාරය නිරූපණය කරයි. අප සෑම කෙනෙකුම යේසුස්වහන්සේ තුළ “දෙවියන්වහන්සේගේ හස්ත කර්මාන්තය” වන අතර, උන්වහන්සේගේ රාජ්‍යයට දායක වීමට අද්විතීය ලෙස සූදානම් කර ඇත.
දෙවියන්වහන්සේ ඔබට කොතරම් දීමනා හා හැකියාවන් ලබා දී තිබුණත්, ඔබට පිරිණමන්නට බොහෝ දේ ඇත. උන්වහන්සේ ඔබව මැව්වේ කවුරු වෙන්නදැයි කියා ඔබ විශ්වාසයෙන් වැළඳ ගන්නා විට, ඔබ උන්වහන්සේ තුළ ජීවිතයේ බලාපොරොත්තුව හා ප්‍රීතිය පිළිබඳ ජීවමාන සාක්‍ෂිකරුවෙකු වනවා ඇත.

ඔබේ ජීවිතයේ වඩාත්ම භයානක යයි හැඟෙන ඕනෑම දෙයකට ඔබ මුහුණ දෙන විට ධෛර්යමත් වන්න. ඔබට කුඩා බවක් දැනෙන්නට පුළුවන, නමුත් ආත්මයාණන්ගේ දීමනා හා බලගැන්වීම තුළින් දෙවියන්වහන්සේට බලවත් දේ කිරීමට ඔබව යොදා ගත හැක.