මගේ නිවසේ සිට සැතපුම් සිය ගණනක් ඈතින් පිහිටි පිළිකා මධ්‍යස්ථානයක මගේ මවගේ රැකබලාගන්නෙකු සේ සේවය කරමින් සිටියදී, අප වෙනුවෙන් යාච්ඤා කරන්නැයි මම කිහිප දෙනෙකුගෙන් ඉල්ලා සිටියෙමි. මාස ගණනක් ගෙවී යත්ම, හුදෙකලාව සහ තනිකම මගේ ශක්තිය නැති කර දැමීය. ශාරිරික, මානසික සහ චිත්තවේගීය වෙහෙසට මම ඉඩදීමෙන් මගේ මව රැකබලාගන්නේ කෙසේද?

දවසක් මගේ යාළුවෙක් අනපේක්‍ෂිත සත්කාර පැකේජයක් එව්වා. මගේ මිතුරයක් වන ජෝඩි, යාච්ඤාවක් සඳහන් කර තිබූ දම් පාට සළුවක් එවා තිබුණා. ඔවුන් අප වෙනුවෙන් දිනපතා යාච්ඤා කරන බවට එය උණුසුම් මතක් කිරීමකි. මෘදු නූල් මගේ උරහිස් වටා ඔතා තිබුණු සෑම
අවස්ථාවකදීම, දෙවියන්වහන්සේගේ සෙනඟගේ යාච්ඤාවෙන් උන්වහන්සේ මාව බදාගෙන සිටින
බව මට දැණුනි. අවුරුදු ගණනාවනට පසුවත් උන්වහන්සේ තවමත් මෙම දම් පැහැති සළුව තුළින් මාව සනසාලීමට සහ මගේ අධිෂ්ඨානය ශක්තිමත් කරගැනීමට උපකාර කරන සේක.

අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමේ වැදගත්කම හා ආත්ම ප්‍රබෝධමත් කිරීමේ බලය පාවුල්තුමා තහවුරු කළේය. තම ගමන් වලදී යාච්ඤා පූර්වකව හා දිරිගැන්වීම ලබා දෙන ලෙස ඔහු කළ දැඩි ඉල්ලීම තුළින්, අන් අය වෙනුවෙන් යාච්ඤා කරන අය දේව සේවයේ හවුල්කරුවන් වන්නේ කෙසේද යන්න පාවුල් තුමා පෙන්වා දුන්නේය (15:32). නිශ්විත ඉල්ලීම් ඉදිරිපත් කරමින්, අපොස්තුළුතුමන් සෙසු ඇදහිලිවන්තයන්ගේ සහයෝගය මත රඳා පැවතීම පමණක් නොව, දෙවියන්වහන්සේ යාච්ඤාවට බලවත් ලෙස පිළිතුරු දෙන බවට විශ්වාස කළේය (31-33 පද).

අප සෑමදෙනාටම තනිකම දැණෙන දවස් අත්දකින්නට සිදුවනවා ඇත. නමුත් අප අන් අය වෙනුවෙන් යාච්ඤා කරන විට, යාච්ඤා ඉල්ලන ආකාරය පාවුල්තුමා අපට පෙන්වා දෙයි. දෙවියන්වහන්සේගේ සෙනඟගේ මැදහත් යාච්ඤාවල අප බැඳී සිටින විට, ජීවිතය අපව කොතැනට ගෙන ගියත් දෙවියන්වහන්සේගේ ශක්තිය හා සැනසීම අත්විඳිය හැක.