වසර 50කට වැඩි කාලයක් තිස්සේ මාගේ පියා ඔහුගේ සංස්කරණයේ විශ්ෂිඨත්‍වය සඳහා උත්සාහ කළේය. ඔහුගේ අභිලාෂය වූයේ වැරදි සෙවීම පමණක් නොව, පැහැදිලිකම, තර්කනය, ප්‍රවාහය සහ ව්‍යාකරන අනුව පිටපත වඩාත් උසස් කිරීමයි. ඔහුගේ නිවැරදි කිරීම් සඳහා තාත්තා රතු පාටට වඩා කොළ පෑනක් භාවිතා කළේය. කොළ පෑනක් “මිත්‍රශීලී” යැයි ඔහුට හැඟුනු අතර රතු පෑනකින් නිවැරදි කිරීම නවකයෙකුට හෝ අඩු විශ්වාසයකින් යුත් ලේඛකයෙකුට අමිහිරි බලපෑමක් විය හැකි බව ඔහු විශ්වාස කළේය. ඔහුගේ පරමාර්ථය වූයේ මෘදු ලෙස වඩා හොඳ ක්‍රමයක් පෙන්වා දීමයි.

යේසුස්වහන්සේ මිනිසුන්ව නිවැරදි කළ විට, උන්වහන්සේ එසේ කළේ ප්‍රේමයෙන්. සමහර අවස්ථාවලදී – ඵරිසිවරුන්ගේ කුහකකමට උන්වහන්සේ මුහුණ දුන් අවස්ථාවේදී (මතෙව් 23) – උන්වහන්සේ ඔවුන්ට තදින් තරවටු කළ නමුත් එසේ කළේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහාය. නමුත් උන්වහන්සේගේ මිතුරිය වූ මාර්තා සම්බන්ධයෙන් අවශ්‍ය වූයේ මෘදු නිවැරදි කිරීමක් පමණකි (ලූක් 10:38-42). ඵරිසිවරුන් උන්වහන්සේගේ තරවටු වලට එතරම් ප්‍රතිචාර නොදැක්වූ අතර මාර්තා උන්වහන්සේගේ ආදරණීය මිතුරියෙකු වූවාය (යොහන් 11:5).

නිවැරදි කිරීම හෝ අවවාද අපහසු විය හැකි අතර එයට කැමති වන්නේ අපෙන් කිහිප දෙනෙකු පමණයි. සමහර විට, අපගේ ආඩම්බරකම නිසා, එය කාරුණිකව භාරගැනීම දුෂ්කර වනු ඇත. හිතෝපදේශ පොත ප්‍රඥාව ගැන බොහෝ දේ කථාකරන අතර “නිවැරදි කිරීම පිළිපැදීම” ප්‍රඥාවේ සහ අවබෝධයේ ලකුණක් බව පෙන්නුම් කරයි (හිතෝපදේශ 15:31-32).

දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය නිවැරදි කිරීම අප යන දිශාව සකස්කර ගැනීමටත් උන්වහන්සේව වඩාත් සමීපව අනුගමනය කිරීමටත් අපට උපකාර කරයි. එය ප්‍රතික්‍ෂේප කරන්නන්ට තදින් අවවාද කරනු ලැබේ (හිතෝපදේශ 15:10). නමුත් ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් එයට ප්‍රතිචාර දක්වන අයට ප්‍රඥාව හා අවබෝධය ලැබෙනු ඇත (හිතෝපදේශ 15:31-32).