“දෙවියන්වහන්සේ අඬනවා.” බිල් හේලිගේ දස හැවිරිදි දියණිය යේසුස්වහන්සේ කෙරෙහි බහු වාර්ගික ඇදහිලිවන්තයන් පිරිසක් සමඟ වැස්සේ සිටගෙන සිටියදී ඇය රහසින් පැවසූ වචන මේවායි. ඔවුන් අමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ ශෙනන්ඩෝවා නිම්නයට පැමිණියේ දෙවියන්වහන්සේව සොයමින් අමෙරිකාවේ වාර්ගික අසමගිය පිළිබඳ උරුමය අවබෝධ කරගැනීමටය. කලින් වහලුන් භූමදාන කළ භූමියේ සිටගෙන සිටියදී, ඔවුන් එකිනෙකාගේ අත් අල්ලාගෙන යාච්ඤා කළහ. එවිට හිදිසියේම සුළඟ හමන්නට පටන්ගත් අතර වහින්නට පටන්ගත්තේය. නායකයා වාර්ගික සුවය ඉල්ලා සිටියදී, වර්ෂාව ඊටත් වඩා තදින් ඇද හැලෙන්නට පටන් ගත්තේය. ප්‍රතිසංධානය හා සමාව දීමට දෙවියන්වහන්සේ ක්‍රියා කරන බව රැස්ව සිටි අය විශ්වාස කළහ.

කල්වාරියේදීත් එසේමය – දෙවියන්වහන්සේ ක්‍රියා කරමින් සිටියේය. කුරුසියේ ඇණ ගසනු ලැබූ යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙලිමෙන් පසු, “පොළොව කම්පා වූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය.”(මතෙව් 27:51-52). සමහරු යේසුස්වහන්සේ කවුරුන්ද යන්න ප්‍රතික්‍ෂේප කළද, උන්වහන්සේ රැක බලා ගැනීම සඳහා පවරා තිබූ සියයට මුලාදෑනියා වෙනස් නිගමනයකට එළඹීය:
“සියයට මුලාදෑණියා සහ ඔහු සමඟ සිටි අය …… පොළෝකම්පාවත් සිදුවූ දේත් දක ඉතා භයපත්ව:සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායි කීවෝය !” (54 පදය).

යේසුස්වහන්සේගේ මරණයේදී, දෙවියන්වහන්සේ, තමන් කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ගේ පාපයට සමාව දීමට කටයුතු කරමිනි සිටි සේක. “දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන්වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක ………. ” (2 කොරින්ති 5:19). දෙවියන්වහන්සේ අපට සමාව දී ඇති බව පෙන්වීම පිණිස එකිනෙකාට සමාව දීමට වඩා හොඳ ක්‍රමය තිබෙනවාද?