1893 ඔක්තෝබර් මාසයේ චිකාගෝ දිනයේ (චිකාගෝ යනු එක්සත් ජනපදයේ ප්‍රාන්තයක්) නගරයේ සිනමාහල් වසා දැමුවේ ලෝක ප්‍රදර්ශනයට සියලු දෙනා සහභාගි වනු ඇතැයි අයිතිකරුවන් සිතූ බැවිනි. හත් ලක්‍ෂයකට අධික පිරිසක් ගිය නමුත් ඩ්වයිට් මූඩි (1837-1899) චිකාගෝ හි අනෙක් කෙළවරේ සංගීත ශාලාවක් පුරවන්නට සිතුවා. ඔහුට අවශ්‍ය වුනේ ශාලාවෙන් පිරුණු සෙනඟට දේශනා කිරීම හා ඉගැන්වීමයි. ඔහුගේ මිතුරා ආර්. ඒ. ටෝරි (1856-1928), මූඩි ට එදිනම සමූහයත් ඇද ගත හැකි බවට සැක පහළ කළේය. නමුත් දෙවියන්වහන්සේගේ කරුණාව අනුව ඔහු එසේ කළේය. ටෝරි පසුව නිගමනය කළ පරිදි, සමූහයා පැමිණියේ මූඩි “මේ පැරණි ලෝකය දැනගැනීමට කැමති එකම පොත බයිබලය” දැන සිටි බැවිනි. මූඩි මෙන් අන් අයත් බයිබලයට ප්‍රේම කරමින් එය කැපවීමෙන් හා ආශාවෙන් නිතිපතා කියවනු ඇත කියා ඔහු (ටෝරි) තුළ ආශාවක් ඇතිවිය.

දහනව වන ශතවර්ෂය අවසානයේ දෙවියන්වහන්සේ සිය ආත්මය තුළින් චිකාගෝ හි මිනිසුන්ව තමන්වහන්සේ වෙතට ගෙන ආ අතර, උන්වහන්සේ අදටත් කථා කරන සේක. ගීතිකාකරු දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ ශුද්ධ ලියවිල්ල කෙරෙහි දක්වන ප්‍රේමය අපටත් කිව හැකිය.
“ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද, එසේය ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය” (ගීතාවලිය 119:103). ගීතිකාකරුට, දෙවියන්වහන්සේගේ කරුණාව හා සත්‍යය පිළිබඳ පණිවිඩ ඔහුගේ මාවතට ආලෝකයක්, ඔහුගේ පාදවලට පහණක් සේ ක්‍රියාකළේය (105 පදය).

ගැළවුම්කරු සහ උන්වහන්සේගේ පණිවිඩයට ඔබ තව තවත් ප්‍රේම කරන්නේ කෙසේද? අප ශුද්ධ ලියවිල්ලේ ගිලී සිටින විට, දෙවියන්වහන්සේ, උන්වහන්සේ කෙරෙහි අපගේ භක්තිය වැඩි කර අපට මඟපෙන්වනු ඇත. අප ගමන් කරන මාර්ග ඔස්සේ උන්වහන්සේගේ ආලෝකය බබළවන සේක.