ඔබට වැඩි කාලයක් ජීවත් වීමට අවශ්‍ය නම් නිවාඩවක් ගතකරන්න! හෘද රෝග ඇතිවීමේ අවධානමක් ඇති මැදිවියේ පිරිමි විධායකයින් පිළිබඳ අධ්‍යයනයකින් වසර හතලිහකට පසු, ෆින්ලන්තයේ හෙල්සින්කි හි පර්යේෂකයෝ ඔවුන්ගේ අධ්‍යයනවට සහභාගිවන්නන් සමඟ නැවත හමුවුණේය. ඔවුන්ගේ මුල් සොයාගැනීම් වලදී සොයන්න උත්සාහ නොකළ දෙයක් විද්‍යාඥයින් පසුව සොයාගත්තේය: නිවාඩු සඳහා කාලය වෙන් කර ගත් අය අතර මරණ අනුපාතය අඩු විය.

වැඩකිරීම ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයකි – උත්පත්ති 3 හි දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය බිඳී යාමට පෙර දෙවියන්වහන්සේ විසින් අපට පත් කරන ලද කොටසකි. දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා වැඩ නොකරන අය අත්විඳින වැඩවල අර්ථ විරහිත බව – එහි “කනස්සල්ලට පත්වන උත්සාහය” සහ “ශෝකය සහ වේදනාව” (දේශනාකාරයා 2:22-23) සාලමොන් රජතුමා හඳුනාගත්තේය . ඔවුන් ක්‍රියාශීලිව වැඩනොකරන විට පවා ඔවුන්ගේ “මනස විවේක ගන්නේ නැති” බව ඔහු පවසන්නේය. මන්ද ඔවුන් තවමත් කළ යුතු දේ ගැන සිතන බැවිනි (23 පදය).

අපටත් සමහර විට “සුළඟ පසුපස හඹා යමු” (17 පදය) වැනි හැඟීමක් ඇති විය හැකි අතර අපගේ වැඩ කටයුතු “අවසන් කිරීමට” නොහැකි වීම නිසා කලකිරීමට පත් වේ. නමුත් දෙවියන්වහන්සේ අපගේ ශ්‍රමයේ කොටසක් – අපගේ අරමුණ – බව අප මතක තබාගන්නා විට අපට වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත්, විවේක ගැනීමටත් කාලය ගත හැකිය. සමිඳාණන්වහන්සේ සියල්ල සපයන්නා නිසා උන්වහන්සේ අපගේ සැපයුම්කරු යැයි අපට විශ්වාස කරන්නට හැකි වනු ඇත. සාලමොන් රජතුමා
“උන්වහන්සේ නොමැතිව අනුභව කරන්ටත්, සතුටින් සිටින්ටත් හැකිද?” (25 පදය) යයි පිළිගන්නේය. සමහර විට එම සත්‍යය මතක් කරගැනීමෙන් අපට උන්වහන්සේ උදෙසා කඩිසරව වැඩ කළ හැකි වනු ඇත (කොලොස්සි 3:23). එසේම අපට විවේක කාලයන්ටද ඉඩ ලබා ගත හැකි වනු ඇත.