එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි පොත් සාප්පුවක් වන “ඔක්ටෝබර් බුක්ස්” සිය පොත් ගබඩාව වීඨියේ වෙනත් ස්ථානයකට ගෙන යන පිණිස ස්වේච්ඡා සේවකයින් දෙසීයයකට වැඩි පිරිසක් උපකාර කළේය. උදව්කරුවන් පදික වේදිකාවේ පෙළ ගැසී පොත් “මානව වාහක පටියකින්” – එනම්, එක්කෙනෙකුගේ අතින් තවත් කෙනෙකුගේ අතට පොත් මාරු කිරීමෙන් (පාස් කරමින්) ගබඩාවේ තිබූ පොත් වීඨියේ තව ස්ථානයකට ගෙන ගියා. ස්වේච්ඡා සේවකයින්ගේ ක්‍රියාකාරිත්‍වය දුටු වෙළඳසැල් සේවකයෙක්, “මිනිසුන් උදව් කිරීම දැකීම ඇත්තෙන්ම හැඟීම්බර අත්දැකීමක් …… වඩා විශාල දෙයක කොටසක් වීමට ඔවුන්ට අවශ්‍ය වුනා.”

අපටත්, අපට වඩා විශාල දෙයක කොටසක් විය හැකිය. දෙවියන්වහන්සේ තම ප්‍රේමයේ පණිවිඩය ලෝකය වෙතට ගෙනයෑමට අපව යොදා ගන්නා සේක. යමෙකු අප සමඟ මෙම පණිවිඩය බෙදාගත් නිසා, අපට තවත් පුද්ගලයෙකු වෙත හැරී එය බෙදාගන්නට හැකි වනු ඇත. පාවුල් තුමා, මෙය දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනැඟීම – උයනක් වැඩීම හා සැසඳීය. අපෙන් සමහරු බීජ රෝපණය කරන අතර සමහරු බීජවලට වතුර දමති. පාවුල්තුමන් පැවසූ පරිදි “දෙවියන්වහන්සේගේ සේවයේ හවුල් වැඩකරන්නෝය” (1 කොරින්ති 3:9).

සෑම කාර්යයක්ම වැදගත් නමුත් සියල්ල සිදු කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයේ බලයෙන්ය. දෙවියන්වහන්සේ තම ආත්මයාණන් කරණකොටගෙන, මනුෂ්‍යයන්ට ආත්මිකව වර්ධනය වීමට හැකියාව ලබාදෙන්නේ, උන්වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව අසා ඔවුන්ගේ පාපයෙන් මිදීමට හැකි වන පරිදි තම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් මරණය විඳීමට එවූ බවත් ඇසූ විටය(යොහන් 3:16).

දෙවියන්වහන්සේ පෘථිවියේ බොහෝ කාර්යයන් කරන්නේ ඔබ සහ මා වැනි “ ස්වේච්ඡා සේවකයින්” හරහා ය. අප කරන ඕනෑම සේවයක්, වඩා විශාල ප්‍රජාවක කොටසක් වුවද, උන්වහන්සේගේ ප්‍රේමය ලෝකය සමඟ බෙදා ගැනීමට එකට වැඩ කිරීමෙන් අපට එය වර්ධනය කර ගත හැකිය.